Post Views: 484 බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත්කරණය අද (11) සිට යළි ආරම්භ වේ. අද සිට දින තුනක් එම පුද්ගලයින් සඳහා එන්නත්කරණය සිදුකිරීමට සැලසුම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය. ඒ අනුව මෙතෙක් එන්නත් ලබා නොගත් අවුරුදු 60ට වැඩි බස්නාහිර පළාතේ පුද්ගලයින්ට අද සිට පළමු එන්නත් මාත්‍රාව ලබා ගත හැකිය. මෙතෙක් එන්නත ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් පිළිබඳ තොරතුරු කොවිඩ් -19 නිවාරණ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් මේ වන විට රැස් කරගෙන ඇති බව සඳහන්ය. එන්නත ලබාගත යුතු දිනය වේලාව සහ ස්ථානය සඳහන් කෙටි පණිවුඩයක් ඔවුන්ගේ ජංගම දුරකථන වෙත එවනු ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය. එසේ එන්නත නොගත් කිසිවෙකු තම තොරතුරු මධ්‍යස්ථානය වෙත සපයා නොමැති නම් හෝ වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් හෝ 1906 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකිය. එන්නත ලබාදෙන ස්ථාන හා දිනයන් පහතින් දැක්වේ. *කොළඹ දිස්ත්‍රික්කය – යුද හමුදා රෝහල – නාරාහේන්පිට (අගෝස්තු 11, 12 හා13 යන දිනවල) *ගම්පහ දිස්ත්‍රික්කය – දිස්ත්‍රික් මහ රෝහල – ගම්පහ (අගෝස්තු 12, 13 හා 14 යන දිනවල) *කළුතර දිස්ත්‍රික්කය – දිස්ත්‍රික් මහ රෝහල – කළුතර (අගෝස්තු 12 වන දින) මේ අතර මෙතෙක් කිසිදු එන්නතක් ලබා නොගත් අවුරුදු 30 වැඩි පුද්ගලයින් ද ළඟම ඇති එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත ගොස් එන්නත්කරණය සිදුකර ගන්නා ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. Post navigation PCR පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා වන මිල නියාමනය කෙරේ.