පාදුක්ක පොලීසිය දශක ගණනාවක් පටන් ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂාකිරීමට සිය කාර්ය භාරය නිසි පරිදි ඉටු නොකරන බව ප්‍රදේශයේ ජනතාවගේ මතයයි. විශේෂයෙන්ම ප්‍රදේශයේ පවත්නා නීතී විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය උවදුර මැඬපැවත්වීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම දීර්ඝ කාලයක පටන් දක්නට ලැබෙන්නකි.

බොහෝ පොලිස් නිළධාරීන් ප්‍රසිද්ධියේම මත් ජාවාරම් කරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් අයථා වාසී ප්‍රයෝජන ගන්නා බව කලක් පටන්ම පවතින චෝදනාවකි. මේ තත්වය මත මෑතකදී පිහිටුවන ලද හෝමාගම කොට්ඨාශ පොලිස් අධිකාරී කාර්යාලය යටතේ ඇති හෝමාගම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පාදුක්ක හා ඒ අවට සිදුවන මත් ජාවාරම් මැඬලීමට පියවර ගනිමින් ඇත.

එහි ප්‍රථිපලයක් ලෙස හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් වෙත ලද තොරතුරක් මත ඊයේ (12) දින උදෑසන පාදුක්ක පොලිස් වසමේ උඩුමුල්ල ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් ලීටර් 67.5 ක් (බෝතල් 90) හා නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 1080 ක් (බැරල් 06) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 26 ක් වන පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සැකකරු හා අත් අඩංගුවට ගත් නීති විරෝධි මත්පැන් හා ගෝඩා ඇතුළු උපකරණ ඉදිරි නීතී කටයුතු සඳහා පාදුක්ක පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *