ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් දරුවන්ට සහ පවුල්වලට අවශ්‍ය සහන නියමිත වේලාවට ලබා දෙමින් සමාජ ආරක්ෂණ සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් දෙදින වැඩමුළුවක් පසුගියදා (21) පැවැත්විය.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සහ යුනිසෙෆ් (UNICEF) ආයතන එක්ව මෙම වැඩමුළුව සංවිධානය කොට තිබුණි.

දරිද්‍රතාවයන් හා අවදානම් තත්ත්වයන් නිවැරදිව හඳුනාගැනීමත් දේශගුණික විපර්යාස හමුවේ කඩිනම් සහන සැලසීමත් රාජ්‍ය සේවාවන්ට පිවිසීම පහසු කිරීමත් සහ දරුවන්ගේ සුබ සාධනය උදෙසා මෙම නව තාක්ෂණය යොදා ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ධනපාල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් රැසක් එක්ව සිටියහ. (කඩුගන්නාව වාර්තාකරු – කොලින් හරිශ්චන්ද්‍ර)

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *