පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්පත් කැඳවීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කර තිබූ පරිදි 2026 අප්‍රේල් මස 04 වන දින මධ්‍යහ්න 12.00 ට අවසන් කරන ලදී. මෙවර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 453 දෙනෙකු අතුරින් 435 දෙනෙකු , එනම් මුළු පිරිසෙන් 96% ක් පත්වීම් සඳහා අයදුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම වෛද්‍ය නිලධාරීන් පත්වීම් සඳහා ඉල්ලුම් කර ඇති ආකාරය සහ ඔවුන්ගේ කුසලතා ලේඛනය (Merit List) පදනම් කර ගනිමින් නව රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමේ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිතය. විනිවිදභාවයකින් යුත් විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ මෙම අනුයුක්ත කිරීම් සිදුකරන බවත් ඒ අනුව දිවයින පුරා පවතින වෛද්‍ය අවශ්‍යතාවයන් සපුරාලීමට හැකිවන බවත් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

තෝරා ගන්නා ලද අයදුම්කරුවන්ගේ නාමලේඛනය, ඔවුන් අනුයුක්ත කරන ලද සේවා ස්ථාන, සේවයට වාර්තා කළ යුතු දිනය පිළිබඳ විස්තර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරියේදී කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *