Post Views: 404 කෝවිඩ් ආසාදිත බව තහවුරු කරගනු ලබන පී සී ආර් (PCR) පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් (RAT) පරීක්ෂණ සඳහා පුද්ගලික වෛද්‍ය සේවා සපයනු ලබන ආයතන විසින් අය කළ යුතු මිල ගණන් නියාමනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මේ අනුව අගෝස්තු මස 12 වන දින සිට පී සී ආර් පරීක්ෂණයක් සඳහා අය කළ හැකි උපරිම මුදල රුපියල් 6500 ක් වන අතර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා අය කළ හැකි උපරිම මුදල රුපියල් 2000 කි. විවිධ පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන රෝහල් හා ආයතන විසින් මෙම පරීක්ෂණ සඳහා ජනතාවගෙන් විවිධ වූ මිල ගණන් අය කරන බව පසුගිය කාලවකවානුව තුල නිරීක්ෂණය වූ නිසා මෙම පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරියෙක් අප වෙත ප්‍රකාශ කරන ලදී. ඉදිරියේදී මෙම කටයුත්ත නිසියාකාරව සිදු වන්නේද යන්න පරික්ෂා කිරීම් සඳහා වැටලීම් කණ්ඩායම් යොදවා සොයා බැලීමට කටයුතු කරන බවත් අදාළ නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී. Post navigation බස්නාහිර අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබාදෙන ස්ථාන සහ දිනයන් යුධ හමුදාව මගින් ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළක් ආරම්භ කරයි