Post Views: 170 නම ඇහුවහමත් අප්පිරියා හිතෙන හරිම කරදරකාරී දෙයක් තමයි මේ උකුණු කරදරේ. ලොකු පොඩි කියලා භේදයක් නෑ ඉතින් උකුණෝ ඔළුවකට ආවොත් එහෙම හරිම කරදරයක්. උකුණෝ ඉන්න කෙනෙක් ගාව ඉන්න අපි කවුරුත් කැමති නෑ. උකුණෝ ඉන්න ඔළුවක් දැක්කහම අපිට එක පාරටම හිතෙන්නේ අප්පිරියාවක්. අනිත් දේ තමයි අපේ ඔළුවටත් උකුණෝ එයි කියන බය. උකුණෝ නිකන්ම නිකන් පොඩි සතෙක් උනාට, උකුණු කරදරේ ඔයාගේ ආත්ම ශක්තියට වගේම සමාජ සම්භන්ධතා වලටත් ගොඩක් අහිතකර ලෙස බලපානවා. ඔළුවක උකුණෝ ඉන්නවා කියන එකෙන් ඒ කෙනා අපිරිසිදුයි කියලා අදහස් වෙන්නේ නෑ. හොඳටම පිරිසිදු නිරෝගිමත් කෙනෙක් උනත් උකුණෝ ඉන්න කෙනෙක් එක්ක සමීප සම්භන්දතා පැවැත්වුවොත් උකුණෝ බෝවෙන්න පුළුවන්. උකුණෝ කියන්නේ මොක්කුද ? උකුණෝ කියන්නේ ප්‍රධාන වශයෙන්ම මිනිස් හිස මත ජීවත් වන පරපෝෂිත සත්ව කොට්ටාසයක්. උකුණාට තියන කකුල් හයේ හැම කකුලක් කොනම කොක්කක් පිහිටලා තියනවා. මේ හේතුවෙන් උකුණන්ට හරිම ඉක්මනින් කෙස් ගස් අතරේ ගමන් කරන්න පුළුවන්. උකුණන් වැඩිපුරම ඉන්නේ හිස්කබලෙයි බෙල්ල පිටිපස්සෙයි. එක උකුණෙක් දවසකට කීප වතාවක්ම අපේ හිසෙන් ලේ උරා බොනවා. උකුණෝ හරිම පොඩි හින්දා එක පාරට කෙස් අතරේ හොයා ගන්නත් හරිම අමාරුයි. උකුණෝ බිත්තර දාන්නේ හිස් කබලට කිට්ටුවම කෙස් ගසේ මුල. අපි සාමාන්‍යයෙන් මේ බිත්තර වලට කියන්නේ ලේන්ඩි කියලා. උකුණෝ බිත්තර ගම් වගේ දේකින් කෙස් ගසේ ඇලිලා තියෙන්නේ. ගොඩක් වෙලාවට උකුණු බිත්තර වැඩිපුරම තියෙන්නේ බෙල්ල පිටි පස්සෙයි කන් දෙක පිටි පස්සේ ප්‍රදේශයේයි. ගැහැණු උකුණෙක් සාමාන්‍යයෙන් දවසකට බිත්තර 8ක් විතර දානවා. සතියක් ඇතුලත මේ බිත්තර වලින් පැටව් එලියට එනවා. අපි මේ පොඩි පැටවුන්ට කුඩු ඇල්මුවෝ කියලත් කියනවා. මේ පැටියෙක් දවස් 10 ට පස්සේ ඔවුන්ගේම බිත්තර දාන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන්නේ දවස් දෙක තුනක් යනකොට අපේ ඔළුවේ උකුණෝ දෙගුණ තෙගුණ වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි උකුනෙක්ට එක දිගට පැය 8 ක් හුස්ම හිර කරගෙන ඉන්න පුළුවන්. උකුණෝ ප්‍රශ්නේ වැඩිපුරම තියෙන්නේ ඉස්කෝලේ යන පොඩි ළමයි අතරේ. මොකද ඉතින් පොඩි කට්ටිය අනිත් අයත් එක්ක සෙල්ලම් කරනවා, තොප්පි කොන්ඩ කටු වගේ දේවල් මාරු කර ගන්නවා, අනිත් ළමයින්ගේ කෙස් අල්ලනවා. ඔයාලගේ ඉස්කෝලේ යන පොඩි බබාට උකුණෝ ආවොත් එහෙම ඉතින් ගොඩක් වෙලාවට පවුලේ අනිත් අයටත් එක්ක උකුණෝ බෝ වෙනවා. උකුණෝ ඉන්නවා කියලා දැන ගන්නේ කොහොමද?ඔයාගේ ඔළුවට උකුණෝ බෝ වෙලා කියලා දැන ගන්න එක හරිම ලේසියි. ඔළුව නිතරම කැසීම කෙස් මත උකුණෝ හෝ ලේන්ඩි සිටීම හිස් කබල හා බෙල්ල පිටුපස කුඩා බිබිලි ඇති වීම හිස මත මොකෙක් හෝ ඇවිදිනවා වගේ දැනීම උකුණෝ වැඩි පුරම ඉන්නේ මිනිස් හිස් කබලේ. තව කෙනෙක්ගේ හිසක් අනිත් කෙනාගේ හිසට ලං උනහම උකුණෝ හරි ඉක්මනින් අනිත් හිසට බඩගාලා යනවා. ඔළුවකට උකුණෝ අවහම උන් නිකන්ම නැති වෙන්නේ නෑ. අනිවාර්යෙන්ම උකුණෝ නැති කර ගන්න ප්‍රතිකාර කරන්න වෙනවා. උකුණෝ හරි ඉක්මනට බෝ වෙන හින්දා ඉක්මන් ප්‍රතිකාර කිරීම හරිම වැදගත්. ඔයාලාගේ ඔළුවේ ගොඩක් උකුණෝ නැත්නම් ඔයාලට පුළුවන් ගෙදරදීම කර ගන්න පුළුවන් ප්‍රතිකාර සහ ක්‍රම කීපයක් කරලා බලන්න. උකුණන් සඳහා ගෙදරදීම කල හැකි ප්‍රතිකාර උකුණු පනාවක් පාවිච්චි කිරීමඋකුණු පනා වල දැති හරිම තියුණුව හීනියට තියන හින්දා උකුණෝ අල්ලන්න මුලින්ම ගෙදරදී භාවිතා කරන්න පුළුවන් පහසුම දේ තමයි උකුණු පනාව. උකුණු පනාවකින් හැමදාම ඔයාලගේ හිස පීරන්න. හිස පීරන කොට පොල් තෙල් හෝ ඔලිව් තෙල් ටිකක් ගාලා පීරන්න. ඇද ඇතිරිලි, ඇදුම්, තුවා උණු වතුරෙන් සෝදන්නසමීප සම්බන්ධතා වලින් උකුණෝ හරි ඉක්මනට අනිත් අයත් එක්ක බෝ වෙනවා. උකුණෝ වැඩි හරියක්ම ජීවත් වන්නේ හිස් කබලේ උනාට උකුණන්ට යම් කිසි වෙලාවක් ඇදුම් සහ රෙදි වල ජීවත් වන්න පුළුවන්. ඒක හින්දා විශේෂයෙන්ම ඔයාගේ ඇද ඇතිරිලි, ඇදුම්, කොට්ට උර, තුවා උණු වතුරෙන් සෝදන්න. මේ ක්‍රමයෙන් ගෙදර අනිත් අයත් එක්ක ද උකුණෝ බෝ වෙන එක වලක්වා ගන්න පුළුවන්. පනා සහ හිස් සැරසිලි නිතර සෝදන්නඔයාගේ පනා, හිස් සැරසිලි, තොප්පි වගේ දේවල් පුළුවන් හැම වෙලේම උණු වතුරෙන් සෝදන්න. ඒ වගේම තමයි ඔයාගේ ඔළුවේ උකුණෝ ඉන්නවා නම් ඔයාලගේ බඩු අනිත් අයත් එක්ක හුවමාරු කර ගන්න යන්න එපා. කන්ඩිෂනර් පාවිච්චියඔයාල නිතර කන්ඩිෂනර් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයා කරන උකුණු ප්‍රතිකාර හරියට හිස කෙස් වලට අල්ලන්නේ නෑ. ඒක හින්දා උකුණු ප්‍රතිකාර කරන කාලේදී කන්ඩිෂනර් පාවිච්චිය නතර කරන්න. විනාකිරිවිනාකිරි 50ml ක් වතුර 50ml ක් එක්ක කලවම් කරලා හිස සෝදන්න. ඇත්තටම මේ ක්‍රමයෙන් ලොකු උකුණෝ මැරෙන්නේ නෑ. හැබැයි ලේන්ඩි කෙස් ගස් වලට ඇලිලා තියන ගම් වැනි දේ සේදිලා ගිහින් ලේන්ඩි කෙස් ගසෙන් ගැලවිලා යනවා. සුදු ළුණුසුදු ළුණු බික් කීපයක් අරගෙන ඒ ටික හොඳට පේස්ට් එකක් වගේ වෙනකන් බ්ලෙන්ඩර් කර ගන්න. මේ සුදු ළුණු පේස්ට් එකට ඔලිව් තෙල් හෝ පොල් තෙල් බින්දු කීපයක් දාලා කලවම් කරලා හිසේ ආලේප කරන්න. විනාඩි 30ක් විතර මේක හිසේ තියෙන්න ඇරලා සෝදලා හරින්න. ළුණු ඉස්මළුණු ඉස්ම ටිකක් අරගෙන ඔයාලගේ ඔළුවේ ගාලා පැය 3-4ක් තියෙන්න හරින්න. මැරුණ උකුණෝ ටික උකුණෝ පනාවකින් පීරලා හිස සෝදලා දාන්න. බේකින් සෝඩාගෙදරදීම උකුණෝ අඩු කර ගන්න පාවිච්චි කරන්න පුළුවන් තවත් දෙයක් තමයි බේකින් සෝඩා. බේකින් සෝඩා තේ හැන්දක් ඔයාලා පාවිච්චි කරන කන්ඩිෂනර් එකත් එක්ක කලවම් කරලා හිසේ ආලේප කරන්න. කොන්ඩේ පොඩි කොටස් වලට බෙදලා හොඳට උකුණු පනාවකින් පීරන්න. ඔයාලා පාවිච්චි කරන සාමාන්‍ය ෂැම්පු එකකින් හිස සෝදලා දාන්න. උළු හාල් සහ දෙහිඋළු හාලුයි දෙහියි එකට දාලා තම්බන්න. වැඩිපුර වතුර ටික පෙරලා දාලා දෙහි උළුහාල් ටික හොඳට බ්ලෙන්ඩර් කර ගන්න. මේ මිශ්‍රණය ඔයාලගේ ඔළුවේ ගාලා විනාඩි 30ක් විතර තියෙන්න හරින්න. සාමාන්‍ය ෂැම්පු එකකින් හිස සෝදලා උකුණු පනාවකින් කොන්ඩේ පීරා ගන්න. මේ දෙහි උළුහාල් සත්කාරය උකුණන්ට විතරක් නෙමේ ඔයාලගේ හිසේ හිස්හොරි අඩු කර ගන්නත් පාවිච්චි කරන්න පුළුවන්. ඔලිව් තෙල් / පොල් තෙල්හිසේ ඔලිව් තෙල් හෝ පොල් තෙල් ගාලා ටික වෙලාවක් තුවායකින් හිස වහලා තියන්න. පැය 1/2ට විතර පස්සේ උකුණු පනාවකින් කොන්ඩේ පීරන්න. උකුණන් සඳහා ඔසු සලකින් ලබා ගත හැකි ප්රතිකාරඋකුණන් අඩු කර ගන්න තියන සමහර ප්‍රතිකාර ඔයාලට වෛද්ය උපදෙස් නොමැතිව ඔසු සලකින් හෝ වෙළද සැලකින් ලබා ගන්න පුළුවන්. හැබැයි ඔයාලගේ පොඩි බබාලට මේ ප්‍රතිකාර ගනිද්දී නම් වෛද්ය උපදෙස් ලබා ගන්න එක තමයි හොඳම දේ. ලොකු පොඩි කියලා භේදයක් නෑ මේ හැම ප්‍රතිකාරයක්ම පාවිච්චි කරන්න කලින් ලබා දී ඇති උපදෙස් හොඳින් කියවන්න. උකුණෝ ඉක්මනින් අඩු කර ගන්න කියලා හිතලා අනුමත ප්‍රමාණයට වඩා වැඩිපුර පාවිච්චි කරන්න යන්න එපා. ඒ වගේම තමා එක ප්‍රතිකාරයක් දෙතුන් පාරක් පාවිච්චි කරලත් උකුණෝ අඩු උනේ නැත්නම් ඒ ප්‍රතිකාරය දිගින් දිගටම පාවිච්චි කරන්න එපා. උකුණු ප්‍රතිකාර වලින් උකුනන්ව සම්පුර්ණයෙන් මරන්න යම් කිසි වෙලාවක් ගත වෙනවා. සමහර විට මේ ප්‍රතිකාර කලායින් පස්සේ ලොකු උකුණෝ මැරෙන්නේ නැතුව සිහිසුන්ව ඔයාලගේ හිසේ ඉන්න පුළුවන්. ඒක හින්දා මේ ප්‍රතිකාර කලත් අනිවාර්යෙන් උකුණු පනාවකින් හිස පීරන්න. වෛද්ය උපදෙස් පැතීමගෙදරදී කර ගන්න පුළුවන් උකුණු ප්‍රතිකාර කොච්චර කලත් සමහර අයට උකුණෝ අඩු වෙන්නේ නෑ. උකුණෝ ඔළුවේ වැඩි වෙලා දිගින් දිගටම ඔළුව කැසීම නිසා ඔළුව තුවාල වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට උකුණෝ කාපු තැන් වල පොඩි බිබිලි වගේ එන්නත් පුළුවන්. මේ වගේ අවස්ථාවක හොඳම දේ තමයි වෛද්ය උපදෙස් පැතීම. මේ මොන දේ කලත් අපිට සදහටම උකුණු කරදරෙන් මිදෙන්න බෑ. අපේ ඔළුවේ කොච්චර උකුණෝ නැති උනත් අපි උකුණෝ ඉන්න කෙනෙක් ලග ගොඩක් සමීපව හිටියොත් එහෙම අපේ ඔළුවට උකුණෝ බෝ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ හැම ප්‍රතිකාරයක්ම සමහර අයට ප්‍රතිපල ගෙන දෙන්නත් සමහර අයට හරි නොයන්නත් පුළුවන්. ඒක හින්දා මේ ප්‍රතිකාර දෙතුන් පාරක් කරලා හරි ගියේ නැත්නම් වෛද්යවරයෙක් හමු වෙන්න. Post navigation සුවැති බරක් – ලස්සන ජීවිතයක්: ලෝක ස්ථුලතා දිනය වෙනුවෙන් සෞඛ්‍යමය පාගමනක්. පශ්චාත් සීමාවාසික වෛද්ය පත්වීම් සඳහා අයදුම්පත් කැඳවීම අවසන්. වෛද්‍යවරු කොටසක් අයදුම් කර නැහැ.