Views: 316 රටතුල මහත් ආන්දෝලනයකට තුඩු දෙමින් මියගිය ‘කාවන්තිස්ස’ හස්තියාට වෙඩි තැබූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කල පැමිණිල්ලකට අනුව වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බලකාය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දියත් කළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරු අත්තඩංගුවට ගෙන ඇත. පරිසර අමාත්යංශය පැවසුවේ මීගලෑව ප්රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. ඔහුගේ නිවසේ තිබී ශ්රී ලංකාවේ නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ උන්ඩ ද සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු අද (19) ගල්ගමුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. Post navigation මියුසියස් විද්යාලීය Pink Day Allies වැඩසටහනට වසරක් සපිරෙයි.