Views: 444 ගෝලීය පාරිභෝගික සෞඛ්‍ය සන්නාම නිෂ්පාදන ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන හේලියන් ශ්‍රී ලංකා (Haleon Sri Lanka) සමාගම, සිය 70 වැනි සංවත්සරය සහ නිෂ්පාදන සන්නාමයන් හි 70 වැනි වසර සනිටුහන් කරමින් සංවිධානය කළ විශේෂ සැමරුම් වැඩසටහනක් ඊයේ (26) රත්මලාන ප්‍රදේශයේ පිහිටි Haleon ප්‍රධාන ඖෂධ නිෂ්පාදන ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහභාගි වූ අතර, එහිදී හේලියන් සමාගමේ රත්මලාන ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ඖෂධ නිෂ්පාදන කටයුතු ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය. සංවත්සර සැමරුම් අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පෙන්වා දුන්නේ, වසර 70ක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවගේ සෞඛ්‍ය සහ ඖෂධ අවශ්‍යතා සපුරාලීමට සහ උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනයට හේලියන් සමාගම දක්වන දායකත්වය අතිශයින් අගය කළ යුත්තක් බවයි. විශේෂයෙන්ම පැනඩෝල් වැනි සන්නාමයන් දශක හතක් පුරා ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්රය තුළ ගොඩනගාගෙන ඇති නොබිඳුණු විශ්වාසය පිළිබඳවද මෙහිදී සිහිපත් කළේය. මෙරට ඖෂධ නිෂ්පාදන සමාගම්වල නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳ ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් පවතින බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, නිෂ්පාදන පිරිවැය අඩු කරගනිමින් අප්‍රිකානු කලාපය වැනි නැඟී එන ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමට දේශීය නිෂ්පාදකයන්ට විශාල අවස්ථාවක් පවතින බවද සඳහන් කළේය. රජයේ මූලිකම බලාපොරොත්තුව වන්නේ වඩාත් ගුණාත්මකභාවයෙන් උසස් ඖෂධ, ජනතාවට දරාගත හැකි මිලකට සහ නියමිත වේලාවට ලබාදීම බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, ඖෂධ මිල නියාමනය කිරීම සහ සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය (Medical Tourism) ප්‍රවර්ධනය කරමින් ජාතික ආර්ථිකයට දායක වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නව සැලසුම් රැසක් දියත් කර ඇති බවද වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මෙහිදී හේලියන් ශ්‍රී ලංකා ආයතනය විසින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාට සමරු සිහිවටනයක් ද ප්රදානය කරන ලදි. හේලියන් ශ්‍රී ලංකා සමාගම 1956 වසරේදී මෙරට සිය ඖෂධ නිෂ්පාදන කටයුතු ආරම්භ කළ, ශ්‍රී ලංකාවේ දීර්ඝතම ඉතිහාසයක් සහිත ඖෂධ නිෂ්පාදන ආයතනයකි. 1950 දශකයේ මැද භාගයේදී ප්‍රථම වරට වෙළඳපොළට හඳුන්වා දුන් පැනඩෝල් නිෂ්පාදනය අද වන විට ලොව පුරා පරම්පරා ගණනාවක විශ්වාසය දිනාගත් Paracetamol සන්නාමය බවට පත්ව තිබේ. ඊට අමතරව පෙනඩීන් (Panadeine), අයොඩෙක්ස් (Iodex), සෙන්සොඩයින් (Sensodyne), කොසොඩිල් (Corsodyl), ඉනෝ (Eno), පිරිටන් සිරප් (Piriton Syrup) සහ වෝල්ටාරන් (Voltaren) යන ප්රමුඛ පෙළේ සන්නාමයන් යටතේ ඖෂධ නිෂ්පාදන කටයුතු හේලියන් ශ්‍රී ලංකා සමාගම සිදු කරනු ලබයි. මෙම අවස්ථාව සඳහා හේලියන් සමාගමේ ඉන්දීය උපමහද්වීපයේ මුදල් අංශ ප්‍රධානී නිතින් මාථුර් (Nitin Mathur), ශ්‍රී ලංකා සහ මාලදිවයින් කලාපීය ශාඛාවේ මූල්‍ය අධ්යක්ෂ පූර්ණ මුණසිංහ, සැපයුම් දාම ප්‍රධානී කුසල් පීරිස් යන මහත්ම මහත්මීන් ඇතුළු හේලියන් සමාගමේ කළමනාකාරීත්වය සහ ආයතන සේවක මණ්ඩලය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.Haleon Sri Lanka, a leading company in the global consumer health brand products sector, held a special celebration programme yesterday (26) at the premises of its main pharmaceutical manufacturing facility in Ratmalana, marking its 70th anniversary and the 70th year of its product brands. Deputy Minister of Health Dr. Hansaka Wijemuni attended the event as the Chief Guest. During the visit, the Deputy Minister also observed the pharmaceutical manufacturing operations at Haleon’s Ratmalana pharmaceutical manufacturing plant. Addressing the anniversary celebration, Deputy Minister of Health Dr. Hansaka Wijemuni stated that Haleon’s contribution over the past 70 years towards meeting the health and pharmaceutical needs of the Sri Lankan people and manufacturing high-quality medicines was highly commendable. He also recalled the enduring trust built by brands such as Panadol within Sri Lanka’s healthcare sector over seven decades. Emphasising that pharmaceutical products manufactured by local companies enjoy high international recognition for their quality, the Deputy Minister noted that domestic manufacturers have significant opportunities to enter emerging international markets, such as the African region, by reducing production costs. Stating that the government’s primary objective is to provide medicines of the highest quality to the public at affordable prices and on time, the Deputy Minister further pointed out that the Ministry of Health had launched several new initiatives to improve the quality of the country’s healthcare sector, regulate medicine prices, and contribute to the national economy by promoting medical tourism. During the event, Haleon Sri Lanka also presented a commemorative memento to Deputy Minister of Health Dr. Hansaka Wijemuni. Haleon Sri Lanka is one of the pharmaceutical manufacturing institutions with the longest history in Sri Lanka, having commenced its pharmaceutical manufacturing operations in the country in 1956. First introduced to the market in the mid-1950s, Panadol has now become a paracetamol brand trusted by generations of people around the world. In addition, Haleon Sri Lanka manufactures pharmaceutical products under several leading brands, including Panadeine, Iodex, Sensodyne, Corsodyl, Eno, Piriton Syrup, and Voltaren. Among those who attended the event were Nitin Mathur, Head of Finance for the Indian Subcontinent at Haleon; Poorna Munasinghe, Finance Director for the Sri Lanka and Maldives regional branch; Kusal Peiris, Head of Supply Chain; and members of Haleon’s management team and staff. Post navigation පසුම්බියේ මුදල් නැතත් මිලදී ගැනීම් කළ හැකි යුගයක දී කාඩ්පත් ගෙවීම් නොමැති වෙළෙඳසල්වලට අහිමි වන පාරිභෝගිකයන්. Why Shops Should Accept Card Payments: Attract More Customers and Boost Sales Institute of Hospitality Sri Lanka Announces 24th Annual Chairman’s Black-Tie Dinner.