Views: 587 ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (National Cleaner Production Centre – NCPC Sri Lanka) විසින් සංවිධානය කරනු ලැබූ ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන 2026 (National Cleaner Production Awards 2026) ප්‍රධාන සම්මාන උළෙල ඊයේ (06) රාත්‍රියේ කොළඹ Cinnamon Life හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හා සේවා ක්ෂේත්රයන්හි පාරිසරික වගකීම, සම්පත් කාර්යක්ෂමතාව, පිරිසිදු නිෂ්පාදන ක්‍රියාවලීන් සහ තිරසාර ව්‍යාපාරික භාවිතයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කැපවූ ආයතන ඇගයීම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණ විය. 2007 වසරේදී පළමු වරට මෙම ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙල (National Cleaner Production Awards) ආරම්භ කළ අතර මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, සුළු පරිමාණ නිෂ්පාදන කාණ්ඩයේ කර්මාන්ත අංශ වලට මෙන්ම සේවා අංශයට හා රාජ්‍ය අංශයටද මෙවර මෙම සම්මාන උළෙළේ සම්මාන පිරිනැමීම සිදු කෙරුනි. ප්ලැටිනම්, රන්, රිදී හා ලෝකඩ සම්මාන වලින් මෙසේ පිදුම් ලැබූයේ, පරිසර හිතකාමී සහ තිරසර භාවිතයන් ක්‍රියාත්මක කරන මෙරට විවිධ ව්‍යාපාර ආයතනයි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු සමන්ත කුමාරසේන මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්ව සිටියහ.එමෙන්ම සම්මාන සඳහා ඉදිරිපත් වූ ආයතනවල ප්‍රධානීන්, නියෝජිතයන්, කර්මාන්ත ක්ෂේත්රයේ ප්‍රවීණයන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ. සම්මාන උළෙල අමතමින් අදහස් දැක්වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේ කර්මාන්ත සංවර්ධනය යනු හුදෙක් නිෂ්පාදනය සහ ආර්ථික ලාභය ඉහළ නැංවීම පමණක් නොව, ඒ හා සම්බන්ධ ජනතාවගේ සෞඛ්‍යය, පරිසරය සහ ජීවන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ද අත්‍යවශ්‍ය වගකීමක් බවයි. අතීතයේ කර්මාන්ත පිළිබඳව සමාජය තුළ පැවැති ඇතැම් අදහස් සිහිපත් කළ අමාත්‍යවරයා, කර්මාන්තශාලා යනු දුම් කවුළු, රසායනික අපද්‍රව්‍ය, පරිසර දූෂණය සහ ජනතාවගේ ජීවිතවලට හානි සිදුකරන ස්ථාන ලෙස ඇතැම් සාහිත්‍යමය හා සමාජීය නිරූපණයන් තුළ පෙන්වා දී තිබූ බව සඳහන් කළේය. එහෙත් එම සාම්ප්‍රදායික අදහස වෙනස් කරමින් කර්මාන්තශාලාවේ දියුණුව මෙන්ම ඒ අවට ජීවත්වන ජනතාවගේ සෞඛ්‍යය, පිරිසිදු ජලය, පිරිසිදු වාතය සහ යහපත් ජීවන තත්ත්වය පිළිබඳව ද අවධානය යොමු කරන කර්මාන්තකරුවන් පිරිසක් අද බිහිවී සිටින බව ඔහු පෙන්වා දුන්නේය. මෙම සම්මාන සඳහා පාදක වී ඇත්තේ හුදෙක් ව්‍යාපාරික තීරණවලට වඩා මානුෂීය තීරණ ගත්, පරිසරය සහ සමාජය පිළිබඳ වගකීමෙන් කටයුතු කළ ආයතනවල කැපවීම බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. සම්මානයක් ලබාගැනීමෙන් ඔබ්බට ගොස්, තම කර්මාන්ත හෝ ව්‍යාපාර හේතුවෙන් පරිසරයටත්, අවට ජනතාවටත් හානියක් සිදු නොකළ බවට තම හෘද සාක්ෂිය ඉදිරියේ සතුටු විය හැකි වීම ව්‍යාපාරිකයකුට ලැබිය හැකි ඉහළම ඇගයීමක් බව ද ඔහු සඳහන් කළේය. ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ කාර්යභාරය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) විසින් 1994 වසරේදී ගෝලීය පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථාන ජාලය පිහිටුවීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ද 2002 වසරේදී එම වැඩපිළිවෙළට එක්වූ බවයි. එතැන් සිට ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යාපාර ක්ෂේත්රයන්හි සම්පත් කාර්යක්ෂමතාව, පිරිසිදු නිෂ්පාදනය සහ පාරිසරික තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීමට මෙම මධ්‍යස්ථානය දායක වී තිබේ. 2007 වසරේදී ආරම්භ කරන ලද National Green Products Award වැඩසටහන ඇතුළු පිවිතුරු නිෂ්පාදන හා පාරිසරික ඇගයීම් වැඩසටහන් මේ වනවිට වැදගත් ජාතික මට්ටමේ වේදිකාවක් බවට පත්ව ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම බලශක්තිය ඉතිරි කිරීම, අමුද්‍රව්‍ය කාර්යක්ෂමව භාවිත කිරීම, ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණය සහ පාරිසරික ආරක්ෂාව වර්තමානයේ කර්මාන්ත හා ව්‍යාපාරික උපායමාර්ගවල ප්රමුඛ අංග බවට පත්වෙමින් තිබෙන බව ද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රය තිරසාර සංවර්ධන මාවතකට යොමු කිරීමේ ඉදිරි සැලසුම් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු අනාවරණය කළේය. UNIDO සහ යුරෝපා සංගමය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක වන Green Recovery Facility වැඩසටහන යටතේ මෙරට කර්මාන්ත උද්‍යාන 16ක් පරිසර හිතකාමී කාර්මික උද්‍යාන (Eco-Industrial Parks) බවට පරිවර්තනය කිරීමේ අපේක්ෂාවක් පවතින බව ඔහු පැවසීය. කර්මාන්තයක් යනු කර්මාන්තශාලා ගොඩනැගිලිවලට පමණක් සීමා නොවිය යුතු බවත්, එය පිහිටි භූමිය, ජනතාව, ගහකොළ සහ අවට පරිසරය සමඟ සහජීවනයෙන් පවතින කාර්මික ප්‍රජාවක් බවට පත්විය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. එවැනි කර්මාන්ත පරිසරයක් ජාත්‍යන්තර ආයෝජකයන්ගේ අවධානය දිනාගැනීමට ද වැදගත් වන බව ඔහු පෙන්වා දුන්නේය. මෙවර ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන වැඩසටහන යටතේ නිෂ්පාදන හා සේවා අංශවල විවිධ ප්‍රමාණයේ ආයතන මෙන්ම රාජ්‍ය ආයතන ද ඇගයීමට ලක් කරන ලදී. ආයතනවල වාර්ෂික පිරිවැටුම සහ සේවක සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් නිෂ්පාදන හා සේවා අංශ සඳහා කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය සිදුකර තිබූ, මෙහිදී ඉහලම සම්මානය වන ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීමට E. B. Creasy & Co සමාගම සමත් විය. මෙම දැවැන්ත සම්මාන රාත්‍රිය වර්ණවත් කිරීමට යුධ හමුදා නර්තන කණ්ඩායම් අලංකාරවත් නර්තන අංග කිහිපයක්ද එක්කර තිබුනි. The National Cleaner Production Awards 2026, organised by the National Cleaner Production Centre (NCPC Sri Lanka), were held on the evening of November 6 at Cinnamon Life, Colombo. The awards aim to recognise and honour organisations across Sri Lanka’s manufacturing and service sectors that demonstrate a strong commitment to environmental responsibility, resource efficiency, cleaner production processes and sustainable business practices. First established in 2007, the National Cleaner Production Awards have evolved into an important national platform for recognising excellence in sustainable industrial and business operations. This year’s awards recognised organisations across large, medium and small-scale manufacturing industries, as well as the service and public sectors. Organisations demonstrating outstanding commitment to environmentally responsible and sustainable practices were honoured with Platinum, Gold, Silver and Bronze awards. The ceremony was held under the patronage of Minister of Industry and Entrepreneurship Development Sunil Handunnetti. Among the distinguished guests were Chief of Staff to the President Prabath Chandrakeerthi and Chief Executive Officer of the National Cleaner Production Centre, Engineer Samantha Kumarasena. Heads and representatives of participating organisations, industry professionals, and representatives from both the public and private sectors also attended the event. Minister Highlights the Importance of Human-Centred and Environmentally Responsible Industrial Development Addressing the gathering, Minister Sunil Handunnetti emphasised that industrial development should not be measured solely by increased production and economic profitability. He stressed that safeguarding the health, environment and fundamental rights of communities affected by industrial activities is equally essential. Reflecting on traditional perceptions of industrialisation, the Minister noted that factories had often been portrayed in literature and public discourse as places associated with smokestacks, chemical waste, environmental pollution and harmful impacts on people’s lives. However, he observed that a new generation of industrialists was emerging, challenging these perceptions by placing equal importance on the development of their factories and the well-being of surrounding communities. He highlighted their commitment to protecting public health, ensuring access to clean water and fresh air, and maintaining a healthy living environment for people residing near industrial facilities. The Minister further emphasised that the awards recognise organisations that have made responsible and humane decisions, placing environmental and social considerations alongside business objectives. He noted that one of the greatest achievements for any entrepreneur is the ability to look back on their business operations with a clear conscience, knowing that their activities have not harmed the environment, surrounding communities or future generations. Sri Lanka’s Progress in Cleaner Production Since 2002 Speaking about the role of the National Cleaner Production Centre, the Minister recalled that following the United Nations Industrial Development Organization’s (UNIDO) initiative to establish a global network of National Cleaner Production Centres in 1994, Sri Lanka joined the initiative in 2002. Since then, the Centre has played an important role in promoting resource efficiency, cleaner production and environmental sustainability across the country’s industrial and business sectors. The Minister also highlighted the development of national initiatives, including the National Green Products Award programme, launched in 2007, noting that cleaner production and environmental recognition programmes have since developed into significant national platforms. He pointed out that energy conservation, efficient utilisation of raw materials, responsible water consumption, waste management and environmental protection are increasingly becoming central components of modern industrial and business strategies. Plans to Transform 16 Industrial Parks into Eco-Industrial Parks The Minister also outlined future initiatives aimed at placing Sri Lanka’s industrial sector on a more sustainable development pathway. Under the Green Recovery Facility programme, implemented in collaboration with UNIDO and the European Union, plans are underway to transform 16 industrial parks in Sri Lanka into environmentally sustainable Eco-Industrial Parks. He stressed that an industrial development model should extend beyond factory buildings and production facilities. Instead, industries should evolve into integrated industrial communities that coexist harmoniously with the surrounding land, people, vegetation and natural environment. Such environmentally responsible industrial ecosystems, he noted, would also strengthen Sri Lanka’s appeal to international investors seeking destinations that demonstrate a genuine commitment to global environmental and sustainability standards. E. B. Creasy & Co Wins the Platinum Award Under this year’s National Cleaner Production Awards programme, organisations from the manufacturing and service sectors, representing different business scales, together with public-sector institutions, were evaluated and recognised. Participating manufacturing and service organisations were classified into three categories — large, medium and small — based on their annual turnover and employee numbers. Among the major honours presented at the ceremony, E. B. Creasy & Co secured the prestigious Platinum Award, the highest level of recognition at the awards. The recognition reflects the importance of embedding environmental responsibility, resource efficiency and sustainable operational practices into the country’s industrial and business landscape. A Celebration of Sustainability and Excellence Adding colour and vibrancy to the awards ceremony, the Sri Lanka Army’s dance troupes presented several captivating cultural performances, making the occasion a memorable celebration of industrial excellence and environmental commitment. The National Cleaner Production Awards 2026 once again highlighted the growing importance of aligning economic progress with environmental protection, reinforcing the message that sustainable industrial development is essential to building a cleaner, greener and more prosperous Sri Lanka. Post navigation Sri Lankan Artisanal Craftsmanship Elevates to the International Fashion Arena. ශ්‍රී ලාංකේය හස්ත කර්මාන්ත නිර්මාණ ජාත්‍යන්තර විලාසිතා වේදිකාවට ගෙනයයි.