පාදුක්ක සහ අවට ප්‍රදේශවාසී ජනතාවගේ සෞඛ්‍ය සත්කාරක සේවාවාවන් ඉහළ නැංවීම අරමුණු කරගෙන පාදුක්ක ප්‍රාදේශීය රෝහලට අභිනවයෙන් ඉදිකිරීමට නියමිත දෙමහල් සායන ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල් ප්‍රතිෂ්ඨාපනය බස්නාහිර පලාත් ආණ්ඩුකාරවර හනීෆ් යූසුප් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පාර්ලිමේන්තු මංත්‍රී චන්දන සූරිය ආරච්චි මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුනා.

මේ සදහා බස්නාහිර පළාත් සංවර්ධන අරමුදල්වලින් රුපියල් මිලියන 42 ක් වැයකිරීමට ඇස්තමේන්තු කර ඇති අතර මෙම සායන ගොඩනැගිල්ල නිම කිරීමෙන් පසුව දැනට රෝහලේ ස්ථාන කීපයක පවත්වාගෙන යන සායන එකම පරිශ්‍රයකට ගෙන ඒමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අවස්ථාව සදහා සීතාවක ප්‍රාදේශීය සභා සභාපති සුනිල් පේමරත්න, බස්නාහිර පළාත් සෞඛ්‍ය ලේකම්, නියෝජ්‍ය පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ, පාදුක්ක ප්‍රාදේශීය ලේකම්, පාදුක්ක පොලිස් ස්ථානාධිපති,පාදුක්ක දුම්රිය ස්ථානාධිපති සහ පාදුක්ක රෝහලේ වෛද්‍ය අධිකාරී ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You missed