ඔබ දිනපතා භාවිත කරන වෙළෙඳසලකට ගොස් ඔබට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් තෝරාගෙන මුදල් ගෙවීමට සූදානම් වන අවස්ථාවක් සිතන්න. ඔබ සතුව මුදල් නෝට්ටු නැත. එහෙත් ඔබ සතුව බැංකු කාඩ්පතක් තිබේ. ඔබ භාණ්ඩ මිලදී ගන්නා ස්ථානයේ කාඩ්පත් මඟින් ගෙවීම් කිරීමේ පහසුකම නොමැති නම් සිදුවන්නේ කුමක්ද?

සමහරවිට ඔබට ළඟම ඇති ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට සිදුවනු ඇත. එසේත් නැතිනම් ඔබ තෝරාගත් භාණ්ඩ නැවත තබා මුදල් ඇති වෙනත් ස්ථානයකින් ඒවා මිලදී ගැනීමට තීරණය කරනු ඇත. ඇතැම් අවස්ථාවලදී ඔබට එම මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට සිදුවිය හැකිය. මෙය එක් පාරිභෝගිකයකුට සිදුවන සුළු අපහසුතාවක් ලෙස පෙනුණද, දිනපතා මෙවැනි සිදුවීම් ගණනාවක් සිදුවන වෙළෙඳ ආයතනයකට එයින් අහිමි වන්නේ සැලකිය යුතු ව්‍යාපාරික අවස්ථා ප්‍රමාණයකි.

අද වන විට බැංකු කාඩ්පත්, ඩිජිටල් ගෙවීම් සහ ජංගම බැංකුකරණය වැනි පහසුකම් භාවිතය පිළිබඳ ජනතාව අතර උනන්දුව වැඩි වී තිබේ. එවැනි පසුබිමක වෙළෙඳ ආයතනයකට කාඩ්පත් ගෙවීම් පහසුකමක් ලබාදීම යනු පාරිභෝගිකයාට තවත් ගෙවීම් ක්‍රමයක් ලබාදීම පමණක් නොවේ. එය ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් ගත හැකි ප්‍රායෝගික පියවරකි.

එබැවින් අද වෙළෙඳ ප්‍රජාව ඉදිරියේ ඇති වැදගත් ප්‍රශ්නය වන්නේ කාඩ්පත් ගෙවීම් පහසුකම ලබාගැනීමට කොපමණ මුදලක් වැය වේද යන්න නොව, එම පහසුකම නොමැතිවීම නිසා තම ව්‍යාපාරයට අහිමි වන පාරිභෝගිකයන් ප්‍රමාණය කොපමණද යන්නයි.

කාඩ්පත් ගෙවීම් යනු කුමක්ද?

කාඩ්පත් ගෙවීමක් යනු භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා මුදල් නෝට්ටු හෝ කාසි භාවිත නොකර බැංකු කාඩ්පතක් මඟින් මුදල් ගෙවීමේ ක්‍රමයකි. සාමාන්‍යයෙන් මෙහිදී ඩෙබිට් කාඩ්පතක් හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිත කළ හැකිය. වෙළෙඳ ආයතනයක ඇති POS යන්ත්‍රයක් හරහා හෝ සහාය දක්වන වෙනත් ගෙවීම් පද්ධතියක් හරහා මෙම ගනුදෙනු සිදු කළ හැකිය.

ඩෙබිට් කාඩ්පතක් භාවිත කරන විට සාමාන්‍යයෙන් ගෙවීම සඳහා අදාළ මුදල පාරිභෝගිකයාගේ බැංකු ගිණුමෙන් අඩු වේ. ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිත කරන විට අදාළ බැංකුව හෝ කාඩ්පත් නිකුත් කරන ආයතනය ලබාදී ඇති ණය සීමාව යටතේ ගෙවීම සිදු කළ හැකිය. ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේදී පොලී, ගාස්තු සහ ආපසු ගෙවීමේ කොන්දේසි පිළිබඳව පාරිභෝගිකයා අවබෝධයෙන් සිටීම ද වැදගත්ය.

කාඩ්පතක් භාවිත කර ගෙවීමේදී පාරිභෝගිකයාට තමන් සතුව භෞතික මුදල් තිබේද යන්න ගැන පමණක් සැලකිලිමත් වීමට සිදු නොවේ. තම කාඩ්පත සක්‍රීයව තිබේ නම්, ප්‍රමාණවත් ශේෂයක් හෝ අදාළ ණය සීමාවක් තිබේ නම් සහ ගනුදෙනුව අනුමත වන්නේ නම් මිලදී ගැනීම සම්පූර්ණ කළ හැකිය. මෙම පහසුව පාරිභෝගිකයාට මෙන්ම වෙළෙන්දාට ද ප්‍රයෝජනවත් ක්‍රියාවලියකි.

වෙළෙඳසලක ආදායම වර්ධනය වීමට භාණ්ඩවල ගුණාත්මකභාවය, මිල, සේවාවේ තත්ත්වය සහ පාරිභෝගික විශ්වාසය බලපායි. එහෙත් භාණ්ඩයක් මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගිකයාට ගෙවීමේ පහසුකම් ප්‍රමාණවත් නොවීම ද ඔහුගේ හෝ ඇයගේ තීරණයට බලපාන තවත් වැදගත් කරුණකි. කාඩ්පත් ගෙවීම් පහසුකමක් නොමැති වෙළෙඳසලකට විවිධ හේතු නිසා පාරිභෝගිකයන් අහිමි විය හැකිය.

පළමුව, භෞතික මුදල් රැගෙන යාමට අකමැති පාරිභෝගිකයන් එම වෙළෙඳසල මඟහැරිය හැකිය. දෙවනුව, හදිසි අවශ්‍යතාවක් සඳහා භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන අයෙකුට මුදල් සොයා ගැනීමට අමතර කාලයක් වැය කිරීමට සිදු විය හැකිය. තෙවනුව, විශාල වටිනාකමකින් යුත් භාණ්ඩ මිලදී ගැනීමේදී මුදල් නෝට්ටු රැගෙන යාමට වඩා කාඩ්පතක් භාවිත කිරීම පහසු යැයි සිතන පාරිභෝගිකයන් වෙනත් වෙළෙඳසලක් තෝරාගත හැකිය. උදාහරණයක් ලෙස, විදුලි උපකරණ අලෙවිසලකට පැමිණෙන පාරිභෝගිකයකු රුපියල් 40,000ක භාණ්ඩයක් මිලදී ගැනීමට තීරණය කර ඇතැයි සිතමු. ඔහු සතුව මුදල් වෙනුවට බැංකු කාඩ්පතක් තිබේ නම් සහ එම වෙළෙඳසලේ කාඩ්පත් ගෙවීම් පහසුකමක් නොමැති නම්, ඔහුට මිලදී ගැනීම කල් දැමීමට හෝ වෙනත් වෙළෙඳසලකට යාමට සිදු විය හැකිය.

මෙවැනි අවස්ථාවක වෙළෙන්දාට අහිමි වන්නේ එම එක් භාණ්ඩයේ අලෙවිය පමණක් නොවේ. පාරිභෝගිකයා අනාගතයේදී ද එම වෙළෙඳසලට පැමිණීමෙන් වැළකී සිටිය හැකිය. එබැවින් කාඩ්පත් ගෙවීම් පහසුකම නොමැතිවීමෙන් ඇතිවන බලපෑම එක් ගනුදෙනුවකින් අවසන් නොවිය හැකිය. එය පාරිභෝගික සම්බන්ධතාව, නැවත මිලදී ගැනීම සහ වෙළෙඳ නාමය පිළිබඳ අදහස කෙරෙහි ද බලපානු ඇත. ව්‍යාපාරයක සාර්ථකත්වය සඳහා නව පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීමත්, දැනට සිටින පාරිභෝගිකයන් රඳවාගැනීමත් ඉතා වැදගත්ය. කාඩ්පත් ගෙවීම් පහසුකම එම අරමුණු දෙක සඳහාම දායකත්වයක් දක්වනු ඇත.

කාඩ්පත් ගෙවීම් භාරගන්නා වෙළෙඳසලක් මුදල් නෝට්ටු රැගෙන එන පාරිභෝගිකයන්ට පමණක් සීමා නොවේ. කාඩ්පත් භාවිතයට කැමති අයට ද එම වෙළෙඳසලෙන් භාණ්ඩ හෝ සේවා ලබාගැනීමට අවස්ථාව සැලසේ. මෙම පහසුකම නිසා අලුතින් පැමිණෙන පාරිභෝගිකයන්ට ද වෙළෙඳසල පිළිබඳ හොඳ අත්දැකීමක් ලැබිය හැකිය. එමෙන්ම මේ හරහා මිලදී ගැනීමේ ක්‍රියාවලිය පහසු කිරීම ද සිදුවේ.

පාරිභෝගිකයන් සාමාන්‍යයෙන් කැමති වන්නේ අනවශ්‍ය කාලයක් වැය නොකර තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමටය. ගෙවීම සඳහා මුදල් සොයා යාමට, මුදල් මාරු සොයාගැනීමට හෝ වෙනත් ස්ථානයකට යාමට සිදුවීම ඔවුන්ට අපහසුතාවක් විය හැකිය. කාඩ්පත් ගෙවීම් පහසුකමක් තිබීම එවැනි බාධා අවම කිරීමට උපකාරී වේ. ගනුදෙනුව ඉක්මනින් සම්පූර්ණ කළ හැකි අවස්ථාවලදී පාරිභෝගිකයාගේ කාලය ද ඉතිරි වේ.

නවීන ගෙවීම් ක්‍රම භාවිත කරන වෙළෙඳසලක් පිළිබඳව පාරිභෝගිකයන් තුළ වඩාත් හොඳ අදහසක් ඇති විය හැකිය. විශේෂයෙන්ම විශාල වටිනාකමකින් යුත් භාණ්ඩ මිලදී ගැනීමේදී, ගෙවීම සඳහා විකල්ප කිහිපයක් තිබීම පාරිභෝගිකයාට පහසුවක් සහ විශ්වාසයක් ලබාදෙයි.

කෙසේ වෙතත්, කාඩ්පත් පහසුකමක් තිබීම පමණක් වෙළෙඳසලක විශ්වාසනීයත්වය තහවුරු කිරීමට ප්‍රමාණවත් නොවේ. හොඳ පාරිභෝගික සේවාව, නිවැරදි මිල ගණන්, ගුණාත්මක භාණ්ඩ සහ විනිවිදභාවයෙන් යුත් ගනුදෙනු ද ඒ සමඟ පවත්වාගෙන යා යුතුය. නැවත නැවත පැමිණෙන පාරිභෝගිකයන් ඇති කරගැනීම සදහා සැම විටෙකම කටයුතු කල යුතුවේ. පාරිභෝගිකයකුට වෙළෙඳසලකින් හොඳ අත්දැකීමක් ලැබුණු විට ඔහු හෝ ඇය නැවත එහි පැමිණීමට වැඩි කැමැත්තක් දක්වයි. අවශ්‍ය ගෙවීම් ක්‍රමය ලබාදීම එම හොඳ අත්දැකීමේ එක් කොටසකි.

වර්තමානයේදී, පාරිභෝගිකයා භාණ්ඩයේ මිල හා ගුණාත්මකභාවය පමණක් නොව, මිලදී ගැනීමේ පහසුව පිළිබඳව ද සැලකිලිමත් වේ. එබැවින් ගෙවීම් පහසුකම් පුළුල් කිරීම පාරිභෝගිකයන් රඳවාගැනීමට උපකාරී විය හැකිය. කෙසේ වෙතත් කාඩ්පත් ගෙවීම් පහසුකමක් ලබාගැනීමෙන් සෑම වෙළෙඳසලකම අලෙවිය අනිවාර්යයෙන් වැඩි වන බව කිව නොහැකිය. එහෙත් පාරිභෝගිකයාට ගෙවීමේදී ඇතිවන බාධා අඩු කිරීම මඟින් අලෙවි අවස්ථා වැඩි කරගැනීමට හැකියාව ඇත.

උදාහරණයක් ලෙස, දිනකට පාරිභෝගිකයන් 50 දෙනකු පැමිණෙන වෙළෙඳසලකින් පස්දෙනකු කාඩ්පත් පහසුකම නොමැති නිසා මිලදී ගැනීම අත්හැර දමන බව සිතමු. එය සැබෑ දත්ත මත තහවුරු කරගත යුතු කරුණක් වුවද, එවැනි තත්ත්වයක් පවතින්නේ නම් ගෙවීම් පහසුකම වැඩිදියුණු කිරීමෙන් අහිමි වන අලෙවි අවස්ථා කිහිපයක් හෝ නැවත ලබාගත හැකිය.

එසේම, කාඩ්පත් ගෙවීම් නිසා පාරිභෝගිකයා අත ඇති මුදල් ප්‍රමාණය මත පමණක් මිලදී ගැනීම සීමා නොවීමට ඉඩ ඇත. වෙළෙඳ ආයතනවලට තමන්ගේ ගනුදෙනු පිළිබඳ දත්ත විශ්ලේෂණය කර, කාඩ්පත් ගෙවීම් හඳුන්වාදීමට පෙර සහ පසුව අලෙවියේ ඇති වෙනස්කම් නිරීක්ෂණය කළ හැකිය. ඒ මඟින් මෙම පහසුකම තම ව්‍යාපාරයට කොතරම් ප්‍රයෝජනවත්ද යන්න තීරණය කළ හැකිය.

කෙසේ වෙතත්, කාඩ්පත් ගෙවීම් පහසුකම ලබාගැනීමේදී ව්‍යාපාරික ආයතනයක් හෝ වෙළඳ සැලක් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්ම ඇත. මූලිකවම කාඩ්පත් ගෙවීම් පහසුකමක් ලබාගැනීමට තීරණය කරන වෙළෙන්දකු එහි වාසි මෙන්ම වියදම් ද සලකා බැලිය යුතුය. POS යන්ත්‍රයක් හෝ වෙනත් අනුමත ගෙවීම් පද්ධතියක් ලබාගැනීමේදී අදාළ බැංකුවෙන් හෝ ගෙවීම් සේවා සපයන්නාගෙන් කොන්දේසි පිලිබඳව විමසා බැලීම වැදගත්ය.
ඒ අතරම,

  • යන්ත්‍රයක් ලබාගැනීමේ හෝ පවත්වාගෙන යාමේ ගාස්තු තිබේද?
  • එක් ගනුදෙනුවක් සඳහා අය කරන සේවා ගාස්තුව කොපමණද?
  • මුදල් වෙළෙඳ ආයතනයේ බැංකු ගිණුමට බැර වීමට ගතවන කාලය කොපමණද?
  • අන්තර්ජාල සම්බන්ධතාව හෝ වෙනත් තාක්ෂණික පහසුකම් අවශ්‍යද?
  • යන්ත්‍රයේ දෝෂයක් ඇති වුවහොත් සහාය ලබාගන්නේ කෙසේද?
  • ගනුදෙනු වාර්තා සහ ආපසු ගෙවීම් කළමනාකරණය කරන්නේ කෙසේද?

මෙම කරුණු පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගෙන තම ව්‍යාපාරයේ ගනුදෙනු ප්‍රමාණය, ස්වභාවය සහ ආදායමට ගැළපෙන පහසුකමක් තෝරාගැනීම වඩාත් සුදුසුය. මක්නිසාද යත්, කුඩා වෙළෙඳසලකට සහ විශාල සුපිරි වෙළෙඳසලකට අවශ්‍ය පහසුකම් එක සමාන නොවන නිසාය. එබැවින් තම ව්‍යාපාරයේ ප්‍රමාණයට ගැළපෙන විසඳුමක් තෝරාගැනීම වැදගත් වේ.
එසේම, කාඩ්පත් ගෙවීම් භාරගැනීමේදී අදාළ බැංකුවේ හෝ සේවා සපයන්නාගේ නීති හා කොන්දේසි අනුගමනය කළ යුතුය. ගෙවීම් සඳහා පාරිභෝගිකයාගෙන් අමතර ගාස්තුවක් අය කිරීමට පෙර අදාළ නීතිමය සහ ගිවිසුම් කොන්දේසි විමසා බැලීම ද අත්‍යවශ්‍ය වේ.

කාඩ්පත් ගෙවීම් යනු අමතර වියදමක්ද, නැතිනම් ආයෝජනයක්ද?

සමහර වෙළෙන්දන් කාඩ්පත් ගෙවීම් පහසුකම ලබාගැනීම පිළිබඳව පසුබට වන්නේ එයට අදාළ ගාස්තු නිසාය. ඔවුන්ගේ අදහස වන්නේ මුදල් නෝට්ටු මඟින් ගනුදෙනු කිරීමේදී එවැනි ගාස්තුවක් නොමැති බැවින් කාඩ්පත් ගෙවීම් හඳුන්වාදීමෙන් ලාභය අඩු විය හැකි බවයි. මෙම අදහස සම්පූර්ණයෙන්ම නොසලකා හැරිය නොහැකිය. කාඩ්පත් ගෙවීම් සඳහා අදාළ ගාස්තු තිබිය හැකි අතර, එම වියදම් ව්‍යාපාරයේ ලාභයට බලපායි. එහෙත් තීරණය කළ යුත්තේ එම ගාස්තුව පමණක් සලකා නොවේ.

කාඩ්පත් පහසුකමක් නොමැති නිසා අහිමි වන ගනුදෙනු, නව පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීමේ හැකියාව, ගනුදෙනු කළමනාකරණයේ පහසුව සහ ව්‍යාපාරයේ තරගකාරීත්වය ද සැලකිල්ලට ගත යුතුය.

උදාහරණයක් ලෙස, කාඩ්පත් ගෙවීම් හඳුන්වාදීමෙන් අමතර ගාස්තුවක් ඇති වුවද, එම පහසුකම නිසා නව ගනුදෙනු ලැබී අමතර දළ ලාභයක් උපයාගත හැකි නම් එය ව්‍යාපාරයට වාසිදායක විය හැකිය. අනෙක් අතට, අලෙවියෙන් ලැබෙන අමතර දායකත්වය අදාළ ගාස්තු සහ වෙනත් වියදම් ආවරණය නොකරන්නේ නම් එම පහසුකම ක්‍රියාත්මක කරන ආකාරය නැවත සලකා බැලීමට සිදුවනු ඇත.

ඒ නිසා වෙළෙන්දා කළ යුත්තේ කාඩ්පත් ගෙවීම්වලට අදාළ සියලු වියදම් සහ ප්‍රතිලාභ සංසන්දනය කිරීමයි. බැංකු හෝ ගෙවීම් සේවා සපයන්නන්ගෙන් මිල ගණන් ලබාගෙන, තම ව්‍යාපාරයට වඩාත් සුදුසු ක්‍රමය තෝරාගැනීමෙන් නිවැරදි තීරණයක් ගත හැකිය. එනමුත් අවසානයේ හොඳම විසඳුම වන්නේ වර්තමාන තාක්ෂණික සමාජයට ඔබින ආකාරයට තම ව්‍යාපාරයට ගැළපෙන පරිදි මුදල් සහ ඩිජිටල් ගෙවීම් ක්‍රම දෙකම පවත්වාගෙන යාමයි.

Imagine visiting a shop you frequent, selecting a few items you need, and getting ready to pay. You have no cash in your wallet, but you do have a bank card. What happens if the shop where you intend to make your purchases does not offer card payment facilities?

You may have to withdraw cash from the nearest ATM. Alternatively, you might put the selected items back and decide to purchase them from another shop where you can pay with cash. In some cases, you may have to abandon the purchase altogether. Although this may seem like a minor inconvenience for a single customer, a business that experiences many such incidents every day can lose a considerable number of sales opportunities.

Today, public interest in using facilities such as bank cards, digital payments, and mobile banking is growing. In this context, providing card payment facilities is not simply about offering customers another payment method. It is a practical step that can contribute to the growth of a business.

Therefore, the important question facing the business community today is not how much it costs to introduce card payment facilities, but how many customers a business may be losing because it does not offer them.

What Are Card Payments?

A card payment is a method of paying for goods or services using a bank card instead of physical cash, such as banknotes or coins. Debit cards and credit cards are commonly used for this purpose. Transactions can be carried out through a point-of-sale (POS) terminal at a retail outlet or through another supported payment system.

When a debit card is used, the payment amount is generally deducted from the customer’s bank account. When a credit card is used, the payment can be made within the credit limit provided by the relevant bank or card issuer. Customers using credit cards should also understand the applicable interest rates, fees, and repayment terms.

When paying by card, customers do not have to rely solely on whether they have physical cash with them. If their card is active, they have a sufficient account balance or available credit limit, and the transaction is approved, they can complete the purchase. This convenience can benefit both the customer and the merchant.

The revenue of a shop depends on several factors, including the quality of its products, prices, standard of service, and customer trust. However, the availability of convenient payment facilities is another important factor that can influence a customer’s purchasing decision. A shop without card payment facilities may lose customers for various reasons.

First, customers who prefer not to carry physical cash may avoid such shops. Second, someone visiting a shop to purchase an urgently needed item may have to spend additional time finding cash. Third, customers who believe that paying by card is more convenient than carrying banknotes when purchasing high-value items may choose another retailer.

For example, imagine a customer visiting an electrical appliance shop to purchase an item worth Rs. 40,000. If the customer has a bank card instead of cash and the shop does not accept card payments, they may have to postpone the purchase or go to another shop.

In such a situation, the merchant loses more than the sale of a single item. The customer may also avoid returning to the shop in the future. Therefore, the consequences of not having card payment facilities may extend beyond one transaction. They can affect customer relationships, repeat purchases, and the reputation of the business.

Attracting new customers and retaining existing ones are both essential to business success. Card payment facilities can contribute to achieving these two objectives.

A shop that accepts card payments is not limited to customers who bring cash. It can also serve customers who prefer to pay by card. This facility can help new customers have a positive experience at the shop while making the purchasing process more convenient.

Customers generally prefer to purchase the items they need without wasting unnecessary time. Having to find cash, obtain change, or travel to another location to complete a payment can be inconvenient. Card payment facilities help reduce these obstacles. When transactions can be completed quickly, customers can save valuable time.

Customers may also develop a more positive impression of a shop that offers modern payment methods. In particular, having several payment options can provide greater convenience and confidence when purchasing high-value items.

However, simply having card payment facilities is not enough to establish a shop’s credibility. Good customer service, accurate pricing, quality products, and transparent transactions must also be maintained. Businesses should consistently work towards encouraging customers to return. When customers have a positive experience at a shop, they are more likely to visit again. Offering their preferred payment method is one part of that positive experience.

Today, customers consider not only the price and quality of products but also the convenience of the purchasing process. Therefore, expanding payment options can help businesses retain customers.

Nevertheless, it cannot be said that introducing card payment facilities will automatically increase sales at every shop. However, reducing the obstacles customers face when making payments can create more opportunities to complete sales.

For example, imagine a shop that receives 50 customers a day, of whom five abandon their purchases because the shop does not accept card payments. Although this is a situation that would need to be verified using actual data, if it does occur, improving payment facilities could help the business recover at least some of those lost sales opportunities.

Card payments may also allow customers to make purchases without being limited solely by the amount of cash they have on hand. Businesses can analyse their transaction data and monitor changes in sales before and after introducing card payment facilities. This can help them determine how beneficial the facility is to their operations.

However, there are several factors that a business or retailer should consider before introducing card payment facilities. Merchants should assess both the benefits and the costs involved. When obtaining a POS terminal or another approved payment system, it is important to clarify the relevant terms and conditions with the bank or payment service provider.

The following questions should be considered:

  • Are there any fees for obtaining or maintaining the terminal?
  • How much is charged for each transaction?
  • How long does it take for the money to be credited to the business’s bank account?
  • Is an internet connection or any other technical facility required?
  • What support is available if the terminal malfunctions?
  • How are transaction records and refunds managed?

It is advisable to gain a clear understanding of these matters and select a payment solution that suits the volume and nature of the business’s transactions and its financial capacity.

The requirements of a small retail shop and those of a large supermarket are not necessarily the same. Therefore, selecting a solution that matches the size and needs of the business is important.

Merchants must also comply with the rules and conditions imposed by the relevant bank or service provider when accepting card payments. Before charging customers any additional fee for card payments, they must check the applicable legal requirements and contractual terms.

Are Card Payments an Additional Expense or an Investment?

Some merchants are reluctant to introduce card payment facilities because of the associated fees. They believe that since cash transactions do not incur similar payment processing charges, introducing card payments could reduce their profits.

This concern cannot be dismissed entirely. Card payments may involve fees, and these costs can affect a business’s profitability. However, the decision should not be based solely on the fees involved.

Merchants should also consider the transactions they may lose without card payment facilities, their ability to attract new customers, the convenience of managing transactions, and their competitiveness in the market.

For example, even if introducing card payments involves additional charges, the facility may benefit the business if it generates new transactions and additional gross profit. On the other hand, if the additional contribution from sales does not cover the relevant fees and other costs, the business may need to reconsider how the facility is implemented.

Therefore, merchants should compare all the costs and benefits associated with card payments. Obtaining quotations from banks or payment service providers and selecting the most suitable option for the business can help them make informed decisions.

Ultimately, however, the best approach is to maintain both cash and digital payment options in a way that suits the business and meets the needs of customers in today’s technology-driven society.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You missed