Views: 239 වැඩ තහනමට ලක්ව සිටි හිටපු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමෙන් තීරණයක්.විනය පරීක්ෂණයේදී එල්ල වූ සියලු චෝදනාවලට වරදකරු බවට තීරණය වීම හේතුවෙන්, වැඩ තහනමට ලක්ව සිටි කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ මොරටුව හිටපු දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා තනතුරෙන් නෙරපා හැරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ. අදාළ විනය පරීක්ෂණයේ ප්‍රතිඵල පදනම් කරගනිමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. තිලිණ ගමගේ මහතා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබූ අතර, එම විමර්ශනයට අදාළව ඔහුගේ සේවය අත්හිටුවීමට 2025 අගෝස්තු මාසයේදී පියවර ගෙන තිබිණි. එම අවස්ථාවේදී ඔහුට එරෙහිව විනය චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබූ අතර, අදාළ චෝදනා සම්බන්ධයෙන් දින 21ක් ඇතුළත නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබූ බව වාර්තා විය. තිලිණ ගමගේ මහතා මීට පෙර ‘සකුරා’ නමැති අලි පැටවකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ද නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දී තිබිණි. එම සිද්ධියට අදාළව 2019 නොවැම්බර් මාසයේදී ඔහු ඇතුළු සිව්දෙනකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර තිබූ බව වාර්තා විය. කෙසේ වෙතත්, 2021 දෙසැම්බර් 16 වැනිදා ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවීම හේතුවෙන් තිලිණ ගමගේ මහතා එම නඩුවේ චෝදනාවලින් නිදහස් කර තිබූ බව අධිකරණ තොරතුරු අනුව සදහන් වේ. Post navigation මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අභියාචනාධිකරණයට පත් කිරීමට අනුමැතිය.