Views: 356 ජනමාධ්යවේදීන්ගේ ආපදා සූදානම, ආපදාවලට ඔරොත්තු දීමේ හැකියාව සහ ආචාරධර්මානුකූල මාධ්ය වාර්තාකරණය පිළිබඳ දැනුම හා කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගත් ධාරිතා සංවර්ධන වැඩසටහනේ පස්වැනි වැඩසටහන කොළඹ ශ්රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. දෙදින වැඩවැඩමුළුවක් ලෙස ක්රියාත්මක මෙම වැඩසටහන ඔක්තෝම්බර් 14 සහ 15 යන දින දෙක තුල පැවති අතර,පළමු දිනයේදී වෛද්ය ලහිරු කොඩිතුවක්කු මහතා, නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්යෙෂ්ඨ විද්යාඥ කේ. පී. ජී. ඩබ්ලිව්. සේනාධීර මහතා සහ ජ්යෙෂ්ඨ විද්යාඥ හසලි හේමසිංහ මහත්මිය දේශන හා දැනුම බෙදාගැනීමේ කටයුතුවලට එක්වූහ. එමෙන්ම කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අධ්යක්ෂ ජේ. ඩබ්ලිව්. කරුණාරත්න මහතා ද වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දුන්නේය. දෙවැනි දිනයේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්යා සහ ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා, ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ සහකාර අධ්යක්ෂ ජානක හඳුනපතිරාජ මහතා, ශ්රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ ලුතිනන් කර්නල් ඒ. ඩබ්ලිව්. කේ. සමරසිංහ මහතා සහ ශ්රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ ලුතිනන් කමාන්ඩර් ජී. ජී. සී. එල්. ගමගේ මහතා ද වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දුන්හ. එමෙන්ම, නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා සංවාදමය දැනුවත් කිරීම් සඳහා එක්වෙමින් වැඩසටහන තවත් අර්ථවත් කරන ලදී. මෙම වැඩසටහනේ සමස්ත සම්බන්ධීකරණ කටයුතු සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ සංවර්ධන අධ්යක්ෂ බී. ජී. පී. එන්. දිල්ෂාරි මහත්මිය විසින් සිදුකරනු ලැබිණි. ආපදා අවස්ථාවලදී නිවැරදි, වගකීම්සහගත හා ආචාරධර්මානුකූල තොරතුරු ජනතාව වෙත සන්නිවේදනය කිරීමේ වැදගත්කම පිළිබඳ ජනමාධ්යවේදීන්ගේ දැනුම සහ වෘත්තීය හැකියාවන් වර්ධනය කිරීම උදෙසා මෙවැනි වැඩසටහන් ඉතාමත් ප්රයෝජනවත් වන බවත් වටිනා දැනුවත් කිරීම් රාශියක් මේ හරහා උකහාගත් බවත් සහසහභාගීවූවන් සදහන් කරන ලදී. වැඩසටහන නිමාකරමින් සහභාගී වූ සියල්ලන්ට සහතික පත්රයක් ලබාදීම ද මෙදින සිදුකරන ලදී. Post navigation Bilateral Discussions Between Montana Governor and Deputy Minister Chathuranga Abeysinghe to Expand Economic Cooperation Between Sri Lanka and the State of Montana, USA ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදාහරී.