Views: 334 Apple සමාගමේ ප්රථම නැමිය හැකි ස්මාර්ට් දුරකථනය ලෙස හඳුන්වා දී ඇති iPhone Duo මාදිලිය වෙළෙඳපොළට නිකුත් කර පැය කිහිපයක් ගතවීමටත් පෙර එහි අභ්යන්තර තිරය ඉරිතැලීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වීමත් සමඟ, එහි කල්පැවැත්ම පිළිබඳව තාක්ෂණික ක්ෂේත්රයේ අවධානය යොමුව තිබේ. 2026 ඔක්තෝබර් 23 වැනිදා අලෙවිය ආරම්භ කළ මෙම දුරකථනයේ තිර දෝෂ සම්බන්ධ ඡායාරූප සහ පරිශීලක අත්දැකීම් Reddit සහ X ඇතුළු සමාජ මාධ්ය ඔස්සේ ප්රචාරය වී ඇත. වාර්තා වන සිදුවීම්වල පොදු ලක්ෂණය වන්නේ දුරකථනය දිගහැරෙන විට නැමීම සිදුවන මධ්යම සන්ධිය (Hinge) ආසන්නයෙන් අභ්යන්තර තිරය ඉරිතැලීම හෝ තිරය මත අසාමාන්ය ආලෝකමත් පික්සල් රේඛා මතුවීමයි. කෙසේ වෙතත්, මෙම දෝෂ වාර්තාවීම් සිදුව ඇත්තේ ඉතාමත් සීමීත නිෂ්පාදන කිහිපයක් සම්බන්ධයෙන් පමණක් වන නිසා එකී දෝෂ මත පමණක් පදනම්ව සමස්ත iPhone Duo නිෂ්පාදන පෙළෙහිම දෝෂයක් පවතින බවට නිගමනය කළ නොහැකි අතර, ගැටලුවේ සැබෑ හේතුව සහ එහි ව්යාප්තිය පිළිබඳව නිෂ්පාදකයාගේ පැහැදිලි කිරීමක් මෙතෙක් නිකුත් කෙරී නොමැත. මෙම සිදුවීම් අතරින් වැඩි අවධානයක් දිනාගෙන ඇත්තේ ඕස්ට්රේලියාවේ පරිශීලකයෙකු Reddit ඔස්සේ පළ කළ අත්දැකීමකි.ඔහුගේ ප්රකාශයට අනුව, දුරකථනය මිලදී ගෙන පැය හයක් පමණ ගතවී තිබියදීත් එය දිගහැර තිබුණේ වාර 20කට අඩු සංඛ්යාවක් පමණි. මිතුරෙකුට දුරකථනය පෙන්වීම සඳහා එය දිගහරින අවස්ථාවේදී, අභ්යන්තර සන්ධිය අසල තිරයට යටින් යම් අසාමාන්ය දෙයක් දැනුණු බවත්, ඉන් අනතුරුව තිරය ඉරිතැලෙන ශබ්දයක් ඇසුණු බවත් ඔහු සඳහන් කර තිබේ. ඔහුගේ විස්තරයට අනුව, තිරයේ මතුපිට හෝ බාහිර සන්ධියේ පැහැදිලිව පෙනෙන හානියක් දක්නට නොතිබූ අතර, ඉරිතැලීම සිදුව තිබුණේ දුරකථනය නැමෙන රේඛාව දිගේය. අදාළ පරිශීලකයා පසුව Apple වෙළෙඳසැලකට ගොස් ඇති අතර, එහිදී ඔහුට නව දුරකථනයක් ලබාදුන් බව වාර්තා කර තිබේ. ඕස්ට්රේලියාවෙන් ලැබුණු වාර්තාවට අමතරව, චීනය ඇතුළු වෙළෙඳපොළවලින්ද iPhone Duo තිරවල හානි පෙන්වන ඡායාරූප සහ සටහන් සමාජ මාධ්යවල පළ වී තිබේ. මෙම ඡායාරූප කිහිපයක තිරයේ නැමෙන ස්ථානය දිගේ ඉරිතැලීම් දක්නට ලැබෙන අතර, ඇතැම් උපාංගවල තිරය හරහා විහිදෙන දීප්තිමත් රේඛා ද නිරීක්ෂණය කළ හැකිය. එවැනි රේඛා තිරයේ පික්සල් ක්රියාකාරීත්වයේ දෝෂයක් හෝ අභ්යන්තර තිර හානියක් සමඟ සිදුවිය හැකි බවයි විශ්ලේෂකයන් සදහන් කරන්නේ. කෙසේ වෙතත්, චීනයෙන් වාර්තා වූ ඇතැම් ඡායාරූප ප්රදර්ශනාගාරවල පාරිභෝගිකයන් විසින් පරීක්ෂා කිරීම සඳහා භාවිත කරන ප්රදර්ශන උපාංගවලට (Demo Units) අදාළව විය හැකි බවත් එම උපාංගවලට සිදුවූ හානියේ පසුබිම සහ ඒවා භාවිත කළ ආකාරය පිළිබඳව ප්රමාණවත් තොරතුරු නොමැතිව මෙම ගැටළුව නිෂ්පාදන දෝෂයක් ලෙස පිලිගත නොහැකි බවත් නිෂ්පාදකයින් සදහන් කරයි. කෙසේ වෙතත් මේ සම්බන්ධව iPhone Duo සම්බන්ධයෙන් දැනට වාර්තා වී ඇති සිදුවීම්වලදී තිරයේ හානිය එකම ප්රදේශයක් ආසන්නයේ මතුවීම විශේෂ අවධානයට ලක්කර එය නිෂ්පාදන ක්රියාවලියේ දෝෂයක්ද, සන්ධියේ යාන්ත්රික ගැටලුවක්ද, තිරයට යටින් ඇති කොටසක බලපෑමක්ද, නැතහොත් වෙනත් සාධකයක්ද යන්න තහවුරු කිරීමට තවදුරටත් තාක්ෂණික පරීක්ෂණ සිදුකරමින් පවතින බව වාර්තා වේ. විශේෂයෙන්ම, මෙම මාදිලිය සාමාන්ය භාවිතයේදී සිදුවූ බවට තහවුරු වන දෝෂයක් හේතුවෙන් තිරය හානි වී ඇත්නම්, එය අදාළ Apple වගකීම් කොන්දේසි යටතේ ආවරණය කෙරෙන නමුත් වගකීම යටතේ නොමිලේ අලුත්වැඩියාවක් හෝ උපාංගය මාරු කිරීමක් ලබාදෙන්නේද යන්න තීරණය වන්නේ හානියේ හේතුව, පරීක්ෂණ ප්රතිඵල සහ අදාළ රටේ වගකීම් ප්රතිපත්තිය අනුවය. එමෙන්ම, වගකීම් කාලයෙන් පිටත සිදුවන තිර හානි සඳහා අලුත්වැඩියා වියදම සැලකිය යුතු මට්ටමක පවතින අතර AppleCare+ වැනි අමතර ආවරණයක් තිබේ නම් අදාළ කොන්දේසි අනුව වියදම් වෙනස් විය හැකිය. සාමාන්යයෙන් ඇමරිකානු ඩොලර් 1000 ක පමණ අලුත්වැඩියා ගාස්තුවක් වැයවීමට හැකි බවයි දුරකතන අළුත්වැඩියා අංශ පවසන්නේ. Only a few hours since sales began! Reports of folding screen cracks on Apple iPhone Duo phones. Just a few hours after Apple’s first foldable smartphone, the iPhone Duo model, was released to the market, several incidents of its internal screen cracking have been reported, drawing the attention of the tech sector to its durability. Photographs and user experiences regarding these screen defects of the phone, which went on sale on October 23, 2026, have been circulated across social media including Reddit and X. A common feature of the reported incidents is that the internal screen cracks near the central hinge where the folding takes place as the phone is unfolded, or abnormal illuminated pixel lines appear on the screen. However, since these defect reports involve only a very limited number of units, it cannot be concluded based solely on these defects that a flaw exists across the entire iPhone Duo product line, and the manufacturer has not yet issued a clear explanation regarding the true cause and extent of the issue. Among these incidents, the experience shared by an Australian user on Reddit has gained the most attention. According to his statement, even though about six hours had passed since purchasing the phone, it had been unfolded less than 20 times. While unfolding it to show the phone to a friend, he mentioned feeling something unusual under the screen near the internal hinge, followed by hearing a cracking sound from the screen. According to his description, there was no visible damage on the surface of the screen or the external hinge, and the crack had occurred along the line where the phone folds. The user in question later went to an Apple store, where it was reported that he was provided with a new phone. In addition to the report from Australia, photographs and posts showing damage to iPhone Duo screens from markets including China have also been posted on social media. In several of these photos, cracks can be seen along the folding point of the screen, and bright lines extending across the screen can be observed on some devices. Analysts state that such lines could occur due to a defect in the screen’s pixel functionality or internal screen damage. However, manufacturers state that some of the photos reported from China may relate to display units (Demo Units) used by customers for inspection in showrooms, and without sufficient information regarding the background of the damage to those units and how they were used, this issue cannot be accepted as a manufacturing defect. Nevertheless, special attention has been drawn to the fact that the screen damage in the currently reported incidents involving the iPhone Duo has emerged near the same area, and further technical tests are reportedly being conducted to confirm whether this is a defect in the manufacturing process, a mechanical issue with the hinge, an impact from a component beneath the screen, or some other factor. In particular, if the screen is damaged due to a defect confirmed to have occurred during normal use, it is covered under the relevant Apple warranty conditions, but whether a free repair or device replacement will be provided under warranty depends on the cause of the damage, the test results, and the warranty policy of the respective country. Furthermore, repair costs for screen damages occurring outside the warranty period are at a significant level, and if additional coverage such as AppleCare+ is available, costs may vary according to the relevant conditions. Phone repair sectors state that a repair fee of around 1,000 US dollars may typically be incurred. Post navigation US Military to Livestream Firing Squad Execution of 2009 Fort Hood Shooter Nidal Hasan.