Views: 425 සිම්බාබ්වේ රාජ්‍යයේ ප්‍රකට ආගමික නායකයෙකු සහ එරට විශේෂ තානාපතිවරයෙකු වන යූබර්ට් ඒන්ජල් (Uebert Angel) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලිංගික අතවර සහ අස්වාභාවික ලිංගික ක්‍රියා සම්බන්ධ චෝදනා මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඊයේ (නොවැම්බර් 22 වැනිදා) සිම්බාබ්වේ අගනුවර වන හරාරේ (Harare) පිහිටි Hippodrome පරිශ්‍රයේ පැවැති ආගමික දේව මෙහෙයක් අතරතුර ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ අත්අඩංගුවට ගැනීම සිම්බාබ්වේ ජනරජ පොලිසිය (Zimbabwe Republic Police – ZRP) විසින් ද තහවුරු කර ඇති අතර, මේ සම්බන්ධයෙන් ඉදිරි විස්තර පසුව නිකුත් කරන බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා. Spirit Embassy නමින් ආරම්භ කර පසුව Good News Church ලෙස ප්‍රචලිත වූ ආගමික සංවිධානයේ නිර්මාතෘවරයා වන Uebert Angel, සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා විසින් 2021 වසරේදී යුරෝපය සහ ඇමරිකානු කලාපය සඳහා විශේෂ ජනාධිපති නියෝජිතවරයෙකු සහ තානාපතිවරයෙකු ලෙස පත් කරනු ලැබුවා. කෙසේ වෙතත්, ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහු මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවත් වාර්තාවන අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙරට ප්‍රමුඛතම ආගමික දේශකයෙකු වන ප්‍රොපට් ජෙරොම් ද Uebert Angel අනුගමනය කරන බවයි වාර්තා වන්නේ. Uebert Angel, a prominent religious leader and special envoy of Zimbabwe, has been arrested. Foreign media report that he was arrested on charges of sexual assault and unnatural sexual acts. He was taken into custody yesterday (November 22) during a religious service held at the Hippodrome premises in Zimbabwe’s capital, Harare. His arrest has also been confirmed by the Zimbabwe Republic Police (ZRP), who stated that further details regarding the matter will be released later. Uebert Angel, the founder of the religious organization originally started as Spirit Embassy and later widely known as the Good News Church, was appointed by Zimbabwean President Emmerson Mnangagwa in 2021 as a Presidential Envoy and Ambassador-at-Large for Europe and the Americas. However, reports indicate that he has not yet issued any statement regarding the allegations leveled against him, and foreign media state that further information regarding this incident is awaited. It is also reported that Prophet Jerome, a prominent religious preacher in this country, follows Uebert Angel. Post navigation 2028 දී පළමු වරට Four Seasons පෞද්ගලික ජෙට් සංචාරයට ශ්‍රී ලංකාවත් එක්වෙයි. Sri Lanka to Feature in Four Seasons Private Jet Experience for the First Time in 2028