Views: 378 ශ්රී ලාංකීය කලා කෙත අස්වැද්දූ විශිෂ්ඨ රංගන ශිල්පියෙකුගේ ජීවනගමන නීමාකෙරුමේ සංවේගාත්මක පුවත අද වාර්තා විය. ඒ ප්රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල මහතා ගේ අභාවයයි. 73 හැවිරිදි වියේ පසුවූ බුලත්සිංහල මහතා කොළඹ පෞද්ගලික රොහලක ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්රාප්ත වී තිබේ. ප්රවීණ රංගන ශිල්පිනී සුසිලා කෝට්ටගේ මහත්මිය ගේ ආදරණීය සැමියා වූ රහල් බුලත්සිංහල මහතා, මෙරට ටෙලිනාට්ය ප්රේක්ෂකයන්ට හුරුපුරුදු රංගන ශිල්පියෙකි. විශේෂයෙන්ම රූපවාහිනී නාට්ය ඔස්සේ ඔහු නිරූපණය කළ චරිත හේතුවෙන් ඔහු පිළිබඳව පරම්පරා කිහිපයකම ප්රේක්ෂකයන් අතර අවධානයක් ඇති විය. ඔහුගේ රංගන ජීවිතයේ විශේෂයෙන් කැපී පෙනුණු චරිතයක් වන්නේ ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වූ ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්යයේ ලොකු හාමුදුරුවන්ගේ චරිතයයි. එම චරිතය තුළින් ගැමි සමාජයේ ආගමික හා සංස්කෘතික වටිනාකම් නිරූපණය කිරීමට ඔහු ප්රබල දායකත්වයක් දැක්විය. වේදිකා නාට්ය ක්ෂේත්රය සමඟ ද සම්බන්ධ වී කටයුතු කළ රංගන ශිල්පියෙකු වූ හෙතෙම රංගන ක්ෂේත්රයට පිවිසීමට පෙර වසර 22ක කාලයක් බන්ධනාගාර නිලධාරියකු ලෙස සේවය කරන ලදී. මෙරට දීර්ඝතම ටෙලිනාට්ය ලෙස සැලකෙන ‘කෝපි කඩේ’ කතාමාලාව තුලත් ඔහුගේ රංගන දායකත්වය සාර්ථකව ලබාදුනි. මෙරට සහෘද ජනතාවගේ ඉමහත් ජනාදරයට පත් රංගධරයාණෙනි ඔබට නිවන් සුව ලැබේවා….. Post navigation ACPOSL කනගාටුව පළ කරයි. කර්තෘ භාග අය කිරීම තාවකාලිකව නතර කරයි.