Views: 219 ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් සිය කර්තෘභාග ගාස්තු (Royalty Fees) ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව සියලුම බලපත්‍රකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරන්නේ, පසුගිය සති කිහිපය තුළ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ විවිධ පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිචාර සහ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව ACPOSL අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.ඒ අනුව, මෙම තාවකාලික අත්හිටුවීම 2026 නොවැම්බර් මස පැවැත්වීමට නියමිත සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම දක්වා බලපැවැත්වෙනු ඇති බවත් එහි සඳහන්.එසේම, මෙම තාවකාලික අත්හිටුවීම හේතුවෙන් ACPOSL සතු අයිතිවාසිකම්, නෛතික ප්‍රතිකර්ම හෝ නෛතික ස්ථාවරත්වයට කිසිදු අගතියක් සිදු නොවන බවද එම සංගමය අවධාරණය කරනවා.තවද, පසුගිය දිනවල ඇති වූ තත්ත්වයන් හේතුවෙන් යම් පාර්ශවයකට හෝ ජනතාවට අපහසුතාවක් හෝ සිත් රිදවීමක් සිදු වූයේ නම් ඒ පිළිබඳව කනගාටුව පළ කරන බව ACPOSL ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්. යෝජිත බලපත්‍ර රාමුව සහ ඊට අදාළ ගාස්තු සමාලෝචනය කර යළි සකස් කිරීම සඳහා ක්ෂේත්‍රයේ සියලු පාර්ශවකරුවන් සමඟ විධිමත් සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත්, එම සාකච්ඡාවලින් අනතුරුව සංශෝධිත රාමුව නොවැම්බර් මස පැවැත්වෙන වාර්ෂික මහා සභා රැස්වීමේදී සාමාජිකත්වයට ඉදිරිපත් කිරීමටත්, අනතුරුව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් නියමිත බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. Post navigation ලෝක ජනාවාස දින සැමරුමට සමගාමීව පවත්වන ළමා නර්තන තරගාවලියේ අවසන් අදියර පැවැත්වෙයි.