Views: 339 සිය සැමියාට අත්හිටවූ සිරදඬුවමක් ලබාදීමට විනිසුරු පෙළඹවීමට කොළඹ මහාධිකරණ කාර්යාල කාර්ය සහයකවරයෙකුට අල්ලස් මුදලක් ලබා දුන්නැයි කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුලු දෙදෙනා ලබන 30 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද (20) නියෝග කළා. සිද්ධියට අදාල තුන්වන සැකකරු වන මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයේ රෙජිස්ට්රාර්වරයා ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසද නියෝග කළා.සිද්ධියට අදාලව සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා. හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධනගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි සහ කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයකු වන චරිත් නමැත්තා එලෙස නැවත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. Post navigation ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදාහරී.