Views: 527 සමගි ජන බලවේගයට බලය හිමි මහනුවර දිස්ත්රික්කයේ පාතහේවාහැට ප්රාදේශීය සභාවේ කටයුතු ඊයේ (19) සිට ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට මධ්යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබේ. මධ්යම පළාත් ආණ්ඩුකාර වෛද්ය සුරංග ප්රනාන්දු මහතා විසින් නිකුත් කරන ලද 2026 ඔක්තෝබර් 19 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම තීරණය ප්රකාශයට පත් කර ඇත. ප්රාදේශීය සභාවේ සභාපතිවරයා, උපසභාපතිවරයා ඇතුළු සියලුම සභිකයන් විසින් 1987 අංක 15 දරන ප්රාදේශීය සභා පනතේ 185(1) වගන්තියේ සඳහන් වරදක් සිදු කර තිබේද යන්න පිළිබඳව විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශ්රාමලත් අධිකරණ නිලධාරී නිහාල් සුනිල් රාජපක්ෂ මහතා මීට පෙර පත් කර තිබේ. ඒ අනුව, අදාළ නීතිමය ප්රතිපාදන යටතේ ප්රාදේශීය සභාව අත්හිටුවීමටත්, එම සභාවේ සහ සභාපතිවරයාගේ බලතල ක්රියාත්මක කිරීමේ හා කාර්යයන් ඉටු කිරීමේ වගකීම මහනුවර දිස්ත්රික්කයේ පළාත් පාලන සහකාර කොමසාරිස් ඒ. ඩබ්. ජී. එල්. අත්තනායක මහත්මිය වෙත පැවරීමටත් ආණ්ඩුකාරවරයා නියෝග කර ඇත. Post navigation සංහිඳියාවට නව මාධ්ය පාලමක් — ONUR වෙතින් ‘සංහිඳියාව සඳහා මාධ්ය සංසද’ නියමු ව්යාපෘතියක්