Views: 184 බස්නාහිර පළාතේ කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි රාජකාරි නියුතු පරික්ෂක ශ්‍රේණියේ සහ කණිෂ්ඨ ශ්‍රේණියේ නිලධාරීන්ගේ සුබසාධනය මෙන්ම කාර්යක්ෂම, ගුණාත්මක හා තෘප්තිමත් සේවාවක් ලබා ගැනීමේ අරමුණින් ඔවුන්ට පවතින නිළ නිවාස ඌණතාවයට පිළියමක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන ලද නිවාස ඒකක 350 ක් මිලදී ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ. නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරන ලද (Harbour View Residensies ) නිවාස ව්‍යාපෘතිය කොළඹ 13, සිරිල් සී පෙරේරා මාවත ප්‍රදේශයේ පිහිටා ඇති අතර මෙහි නිවාස ඒකක 350 ක් ශ්‍රී ලංකා පොලිසිය වෙත මිලදී ගැනීමට සිදුකල යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ අනුව අදාල නිවාස ඒකක 350 ක් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය, නාගරික සංවර්ධන අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීම බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ (09) දින සිදුකරන ලදී. මෙහිදී, ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතාද නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති එම්.ජී. හේමචන්ද්‍ර මහතාද අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් තබන ලදී. මෙම අවස්ථාව සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා, නාගරික සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් නිවාස අධ්‍යක්ෂ එම්.එච්.වී.ආර්. කුමාර්, නීති අංශ අධ්‍යක්ෂිකා ඩී.එම්. කිරිවත්තුඩුව සහ නීති නිලධාරී හසිත් සුබසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක්ද සහභාගි විය. Post navigation විනය පරීක්ෂණයේ සියලු චෝදනාවලට වරදකරු වූ තිලිණ ගමගේ තනතුරෙන් නෙරපයි.