Views: 179 “මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් 2026” තරගාවලියේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා වන චන්දිමාල් ජයසිංහට එරෙහිව මීට පෙර නිකුත් කර තිබූ වාරණ නියෝගය අවලංගු කිරීමට කොළඹ අංක 01 දිසා අධිකරණය පියවර ගෙන තිබේ. එමෙන්ම, පැමිණිලිකරුවන්ට එරෙහිව අතුරු තහනම් නියෝග සම්බන්ධ නොතීසි තුනක් ද නිකුත් කර ඇත. ඊයේ (08) අධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග ලබා දී ඇති බව වාර්තා වේ. එයට අමතරව පැමිණිලිකරුවන්ට එරෙහිව නොතීසි තුනක් නිකුත් කිරීමටද අධිකරණය තීරණය කර තිබේ. ඉෆ්තිකාර් ඉෆ්රාත් අහමඩ් සාලි, ඔහුගේ බිරිඳ ෆාතිමා අයිෂා නවාස් සහ සෙරන්ඩිබ් ලින්ක් වෙන්චර්ස් සමාගම විසින් මෙම නඩුව පවරා තිබුණි. එහි පළමු විත්තිකරු ලෙස චන්දිමාල් ජයසිංහ නම් කර තිබූ අතර, තරගාවලියට ඉදිරිපත් වූ තරගකාරියන් ද නඩුවේ පාර්ශවයන් ලෙස සම්බන්ධ කර තිබූ බව වාර්තා වේ. අධිකරණය විසින් නිකුත් කරන ලද නොතීසි තුනෙන් පළමුවැන්න මඟින් පැමිණිලිකරුවන්ට, ඔවුන්ගේ සේවකයන්ට, නියෝජිතයන්ට සහ ඔවුන් යටතේ ක්‍රියා කරන පුද්ගලයන්ට තරගාවලිය, එහි තරගකාරියන්, අදාළ පාර්ශ්වයන් සහ චන්දිමාල් ජයසිංහගේ කටයුතුවලට මැදිහත් වීම වැළැක්වීම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාලවත්, දෙවන නොතීසිය මඟින් තරගාවලිය, චන්දිමාල් ජයසිංහ, අදාළ පාර්ශ්වයන් හෝ අනුග්‍රාහකයන් සම්බන්ධයෙන් සෘජුව හෝ වක්‍රව ඩිජිටල් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ අන්තර්ගතයන් පළ කිරීම, ඒවා වෙනත් පාර්ශ්ව වෙත යොමු කිරීම සහ ප්‍රචාරක හෝ විවේචනාත්මක ක්‍රියාකාරකම් සිදු කිරීම වැළැක්වීම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාලවත්, තෙවන නොතීසියෙන් තරගාවලියට හෝ චන්දිමාල් ජයසිංහට අයත් වෙබ් අඩවි, සමාජ මාධ්‍ය ගිණුම්, අත්සන් කළ ගිවිසුම්, අනුග්‍රාහකයන් සමඟ සිදු කළ සන්නිවේදන, අනුග්‍රාහකයන්ගෙන් රැස් කළ අරමුදල් සහ ප්‍රචාරණ ද්‍රව්‍ය ඇතුළු දේපළ හා ද්‍රව්‍ය රඳවා තබා ගැනීම වැළැක්වීම සම්බන්ධයෙන් සහ ඒවා චන්දිමාල් ජයසිංහ වෙත ආපසු භාරදීම ට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාලවත්, වන අතර මෙම නියෝග ලබාදීම සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශවයට කරුණු දක්වන ලෙසත් සදහන් වේ. මෙම නඩුව නැවත කැඳවීම 2026 නොවැම්බර් 19 වැනිදාට දින නියම කරන ලදී. මේ අතර, තමන්ට සිදු වූ බව කියන හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා චන්දිමාල් ජයසිංහ විසින් පැමිණිලිකරුවන්ට එරෙහිව අද (09) අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බව ද වාර්තා වේ. Post navigation ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි. Popular Sri Lankan model Chula Padmendra passed away