කොළඹදී පැවැති Mrs. Sri Lanka World 2026 රූ රැජින තරගාවලියේ කිරුළ දිනා ගැනීමට තරග අංක 12 යටතේ තරග වැදුණු නිශාදි ඒකනායක මහත්මිය සමත් වූවාය.

වයස අවුරුදු 34ක් වන නිශාදි, රූ රැජින කිරුළෙන් පමණක් නොව අධ්‍යාපනයෙන්, වෘත්තීය දක්ෂතාවයෙන් සහ ක්‍රීඩා හැකියාවෙන් ද කැපී පෙනෙන ශ්‍රී ලාංකික කාන්තාවකි. මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය, ශ්‍රී ජයවර්ධනපුර ජාතික හෙද විද්‍යාලයෙන් වෘත්තීය හෙද පුහුණුව ලබාගෙන තිබේ. අනතුරුව එක්සත් රාජධානියේ Oxford Brookes University වෙතින් හෙද විද්‍යාව පිළිබඳ BSc උපාධියක් ද හිමිකරගෙන ඇත.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සහ Ninewells රෝහලේ හෙද නිලධාරිනියක ලෙස සේවය කර ඇති ඇය, මේ වන විට Health and Social Care Management ක්ෂේත්‍රයේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවල ද නිරතව සිටින අතර, ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳ ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කර ඇති නිශාදි, නෙට්බෝල් සහ පිහිනුම් ක්‍රීඩාවල නිරත වූ ක්‍රීඩිකාවක ද වේ. ඇයට මලල ක්‍රීඩා පසුබිමක් ද තිබේ.

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තම දක්ෂතා ඔප්නංවාගත් නිශාදි ඒකනායක මහත්මියගේ මෙම ජයග්‍රහණය, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර වේදිකාවට පිවිසීමට ඇයට නව අවස්ථාවක් උදාකර දෙයි.
නිශාදි ඒකනායක මහත්මියට SMN24NEWS අපගේ උණුසුම් සුබපැතුම්!

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *