Post Views: 164 ගතවූ වසර කිහිපය පුරා මැදපෙරදිග කලාපයේ පැවති නොසන්සුන් තත්ත්වය මේ වන විට ඉතා සංකීර්ණ මෙන්ම තීරණාත්මක අදියරකට එළඹ තිබේ. ගාසා තීරයෙන් ආරම්භ වූ ගැටුම් මේ වන විට ලෙබනනය, සිරියාව සහ ඉරානය දක්වා ව්‍යාප්ත වීම දැඩි අවදානමක් මතු කර ඇත.ගාසා තීරය ආශ්‍රිතව ඊශ්‍රායල හමුදා සහ හමාස් සංවිධානය අතර මුල් අවධියේ සටන් පැවතියද මේ වන විට තත්වය සම්පූර්ණයෙන් වෙනස් වී ඇත. ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය ක්‍රියා කිරීමත් සමඟ මේ සඳහා ඇමරිකාවත් සහාය ලබා දෙමින් ඉරානය සම්පූර්ණයෙන්ම යටත් කිරීමට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර දිගින් දිගටම එල්ල කිරීමට කටයුතු කරන ලදී. 2026 පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ “Operation Epic Fury” (ඇමරිකානු මෙහෙයුම) සහ “Operation Roaring Lion” (ඊශ්‍රායල මෙහෙයුම) මේ වන විට දෙවැනි මාසයට එළඹ තිබේ. මෙම ගැටුම හුදෙක් දේශසීමා සටනක් නොව, මැදපෙරදිග කලාපයේ බලය තීරණය කරන මහා පරිමාණ යුද්ධයක් දක්වා වර්ධනය වී ඇත. මේ වනවිට යුද පිටියේ වත්මන් තත්ත්වය ගැන සැලකීමේදී, ගතවූ පැය කිහිපය තුළ ඇමරිකානු ප්‍රහාරක යානා විසින් ටෙහෙරාන් නුවර සහ කරාජ් නුවර යා කරන ප්‍රධානතම පාලමක් (B1 Bridge) විනාශ කර ඇති බව වාර්තා වේ. ඉදිරි සති 2-3 ඇතුළත ඉරානයේ විදුලි බලාගාර සහ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන වෙත දැඩි ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත. මේ සම්බන්ධයෙන් ඉරානයද දැඩි ප්‍රහාරාත්මක ප්‍රතිපත්තියක සිටිමින් සිය මිසයිල පද්ධති භාවිත කරමින් ඊශ්‍රායලයට සහ කලාපයේ පිහිටි ඇමරිකානු කඳවුරුවලට දිගින් දිගටම මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටී. අද දිනයේදීද ඇමරිකානු F-35 ප්‍රහාරක යානයක් බිම හෙළූ බවට ඉරානය ප්‍රකාශ කර ඇත. ඒ සමගම මෙම යුද්ධයේ වඩාත්ම තීරණාත්මක සාධකය වන ලෝකයේ බොරතෙල් ප්‍රවාහනයෙන් 20%කට වඩා සිදුවන හෝමූස් සමුද්‍ර සන්ධිය ගැනත් ඉරානය කර තිබෙන ප්‍රකාශ නිසා ගෝලීය ආර්ථික කටයුතු අවධානමකට ලක්ව ඇත. ඉරානය විසින් මෙම සමුද්‍ර සන්ධිය වසා දැමීමට හෝ පාලනය කිරීමට උත්සාහ කිරීම නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල අතිශය ඉහළ මට්ටමකට පත්ව තිබීම තුල එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (03) මෙම සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීම සඳහා හමුදාමය බලය භාවිතා කිරීමට අදාළ යෝජනාවක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. යුද්ධයේ මුල් අදියරේදී ඇමරිකානූ ප්‍රහාර හේතුවෙන් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියගිය බව වාර්තා වූ අතර, ඔහුගේ පුත් මොජ්ටාබා කමේනි නව නායකයා ලෙස පත් කර ඇති බව ඉරානය සදහන් කරන ලදී. කෙසේ වෙතත් මේ වනවිටදී ඉරානය මෙහෙයවන්නේ කවුරුන්ද යන්න නිසි ලෙස පැහැදිලිතාවයක් නොමැති වුවත් ඇමරිකාව දිගින් දිගටම ඉරානය වෙත ප්‍රහාර එල්ල කරමින් පවතී. මේ තත්වයතුල සිරියාව, ලෙබනනය සහ ඉරානය යන රටවල මිලියන සංඛ්‍යාත ජනතාවක් අවතැන් වී ඇති අතර, මෙය මෑත ඉතිහාසයේ දරුණුතම සරණාගත ප්‍රශ්නයක් නිර්මාණය කර ඇත. ඇමරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයේ යුද ශක්තිය සහ ආර්ථිකය සම්පූර්ණයෙන් අඩපණ කිරීමට උත්සාහ කරන අතර, ඉරානය සිය මිත්‍ර පාර්ශ්වයන් (හිස්බුල්ලා, හූති සහ ඉරාක සන්නද්ධ කණ්ඩායම්) හරහා ඇමරිකාවට සහ ඊශ්‍රායලයට උපරිම හානි කිරීමට උත්සාහ කරයි. මෙම යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළට ද දැඩි බලපෑම් එල්ල වී තිබෙන අතර රතු මුහුදේ නාවික ගමනාගමනයට එල්ල වන ප්‍රහාර හේතුවෙන් බොරතෙල් මිල දිගින් දිගටම ඉහළ යමින් පවතී. මින් ඇතිවන ආර්ථික සහ ගෝලීය බලපෑම සුළුපටු එකක් නොවේ. විශේෂයෙන්ම, ජාත්‍යන්තර වෙළඳ නැව් මාර්ග වෙනස් කිරීම නිසා භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ ගොස් ඇති අතරම නාවික රක්ෂණ ගාස්තු විශාල ලෙස ඉහල ගොස් ඇත. මෙම යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට ඇති විය හැකි ආර්ථික බලපෑම සලකා බැලීමේදී දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව වැනි රටකට සිය ආනයන හා අපනයන ප්‍රධාන වශයෙන් සිදුකිරීමට ඇත්තේ නාවික ගමනාගමනය තුලින් නිසා දැඩි ආර්ථික හානියක් සිදුවිය හැක. මේ වන විටත් ඉන්ධන මිල ඉහල යාම නිසා රට තුල සමස්ත කටයුතු වලට එය සෘජුවම බලපෑමක් ඇතිකර තිබේ. විශේෂයෙන්ම අප්‍රේල් මාසය පළමු හා දෙවන සතිය වන විට මෙම බලපෑම් ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ විහිදී යා හැකි බව ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවා ඇත. මෙරට බලශක්තිය දැඩි අර්බුදයකට පත්වීමේ පෙරනිමිති මේ වනවිටත් පහල වී ඇත. ඒ, පසුගියදා ආනයනය කල ගල් අඟුරුවල තත්වය බාල වීම නිසා රටට අවශ්‍ය විදුලි බලය උත්පාදනය කිරීමට ගල් අඟුරු බලාගාරවලට ඇති හැකියාව අවම වීම නිසා අමතරව ඩීසල් මගින් විදුලිය උත්පාදනය කිරීමට සිදුවීම තුලයි. තාප විදුලි උත්පාදනය සඳහා වැයවන පිරිවැය ඉහළ යාම නිසා තවදුරටත් විදුලි ගාස්තු සංශෝධනය වීමේ අවදානමක් පවතින බව පෙනී යයි. ඉන්ධන මිළ ඉහල යාම, විදුලිය සහ ගෑස් මිල ඉහල යාම තුල භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම නොවැලැක්විය හැක්කකි. මේ තත්වය ප්‍රවාහන ගාස්තු ඉහළ යාමට සෘජුවම බලපායි. එහි අතුරුඵලයක් ලෙස එළවළු, සහල් සහ අනෙකුත් ආහාර ද්‍රව්‍යවල වෙළඳපොළ මිල ගණන් ක්‍රමිකව ඉහළ ගොස් ඇති ආකාරය නිරීක්ෂණය කල හැක. මෙයට අමතරව, මෙරට ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණයක් මැදපෙරදිග රටවල රැකියාවල නිරත වන අතර, ඔවුන්ගෙන් ඉරානය, ඊශ්‍රායලය හෝ ඒ අවට රටවල රැකියා කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳ යම් යම් ගැටලු මේ වනවිටත් ඇති වෙමින් පවතී. ඒ හරහා රටට ලැබෙන විදේශ ප්‍රේෂණ අඩුවීම ඉදිරියේදී මතු වන තවත් අර්බුදයකි. මේ සමගම, අපනයන ක්ෂේත්‍රයට එල්ල වන බලපෑමත් සුළුපටු එකක් නොවන බවත් අවබෝධකරගත යුත්තේ, ශ්‍රී ලංකාවේ තේ සඳහා ප්‍රධානතම වෙළඳපොළක් වන්නේ ඉරානය සහ ඒ අවට මැදපෙරදිග රටවල් නිසායි. යුද්ධය හේතුවෙන් තේ අපනයනය සීමා වීමෙන් මෙරට වැවිලි ක්ෂේත්‍රයට විශාල පාඩුවක් සිදුවිය හැකිය. මේ සියළු තත්වයන් ගැන සලකා බැලීමේදී රටක් වශයෙන් අප තවමත් මෙම අර්බුදය නිසි ලෙස හඳුනාගෙන ඒ සඳහා විධිමත් පිරිමැසුම්දායි යාන්ත්‍රණයකට යාමට පියවර ගෙන නොමැති බව පෙනී යයි. විශේෂයෙන්ම වත්මන් රජය පවතිනන සැබෑ තත්වය ජනතාවට අවබෝධකරදීමකින් තොරව තවමත් ජනතාවට සිය කටයුතු නිදැල්ලේ කරගෙන යාමට ඉඩලබාදී තිබීම තුල ඉදිරි කාලයේදී රට බරපතල දේශපාලනික, ආර්ථික හා සමාජීයමය කඩාවැටීමකට ලක්වීමේ අවධානමක් ඇත. Post navigation බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වැඩ ආවරණයට ප්‍රසාද් හේමන්ත කුමාර පත් කෙරේ. ගෙවීගිය පැය 24 ක කාලය තුල පොලිස් සිදුවීම් වාර්තාව. 2026-04-05