Post Views: 151 අද (25) සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ වාහන සහ රන් ආභරණ සදහා ලබාදෙන ණය සීමාව තවත් 10% කින් පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් ලබාදී ඇත. ඒ අනුව, මෝටර් කාර්, එස්.යූ.වී, ත්‍රීරෝද රථ ආදී පුද්ගලික වාහන මිලට ගැනීමේ දී බැංකු ඇතළු මූල්‍ය ආයතන මගින් ලබා දෙන ණය පහසුකම (ලීසින් පහසුකම) වාහනයේ මුළු වටිනාකමින් 40% කට සීමා කර තිබේ.එමෙන්ම, රන් ආභරණ හෝ රත්‍රං උගසට ලබාගෙන දෙනු ලබන උගස් ණය මුදල්ද එකී භාණ්ඩ වල වටිනාකමෙන් 70% ක් දක්වා අඩු කර ඇත. ගෝලීය අර්බුධය, මෙරට මූල්‍ය පද්ධතියට ඇති කළ හැකි බලපෑම අවම කිරීම සදහා මෙන්ම බැංකු සහ මූල්‍ය ආයතන ආරක්ෂා කර ගැනීම සදහාත් ශ්‍රී ලංකා මහබැංකුව මෙම පියවර ගෙන තිබෙන බවයි සදහන් වන්නේ. Post navigation ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පොලිස් අත් අඩංගුවට. නිවාස සංවර්ධන අධිකාරියේ දේපළ රාජපක්ෂ පවුලට කුණු කොල්ලෙට දුන්න හැටි.