Post Views: 149 දූෂණ චෝදනා එල්ල වී සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 09 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා. දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගොනු කර තිබූ නඩු හතරක තීන්දුව අද (26) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුනි. 2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී නිසි ක්‍රියා පටිපාටියෙන් බැහැරව වාහන 11ක් කුලී පදනම මත ලබාගෙන රජයට රුපියල් ලක්ෂ 114 කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව යටතේ මෙම නඩු ගොනුකර ඇති බව වාර්තා වනවා. මෙම නඩුවල තීන්දුව පසුගිය අප්‍රේල් මස 30දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, එදිනට අදාළ නඩු තීන්දු සූදානම්ව නොතිබීම හේතුවෙන් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් අද (26) තීන්දුව ප්‍රකාශයට පත් කරන බව දැනුම් දී තිබුනි. එහෙත් එම නඩු අද කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා නිවේදනය කළේ එම නඩුවල තීන්දු සූදානම් කර නොමැති බවයි. ඒ අනුව තීන්දු ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 09 වැනිදා සිදු කරන බවත් විනිසුරුවරයා නියෝග කළා. Post navigation මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උදෙසා අල්ලස හා දූෂණය නිවාරණ දැනුවත් කිරීමේ වැඩමුළුවක්.