Post Views: 152 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ අංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව සිදු කරනු ලබන සෞඛ්‍ය අංශයේ ආවරණය නොවූ හා වැඩි අවදානම් සහිත අංශයන් හඳුනාගෙන අල්ලස හා දූෂණය පිළිබඳව දැනුවත්භාවය හා ධාරිතා වර්ධනය කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. මේ යටතේ මෙහි පළමු වැඩමුළුව පසුගියදා වයඹ පළාත මුල් කර ගනිමින් වාරියපොළ, වයඹ පුහුණු ආයතනයේ දී සාර්ථකව පවත්වන ලදී. වයඹ ප්‍රධාන ලේකම් කාර්යාලයේ කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සම්බන්ධීකරණයෙන් පවත්වන ලද මෙම පුහුණු සැසියට වයඹ පළාත නියෝජනය කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එකසිය පනහක පමණ පිරිසක් සහභාගී විය. මෙදින වැඩසටහන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ අධ්‍යක්ෂ වී සි විජයගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර දේශනයන් සඳහා සම්පත් දායකත්වය කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරීන් වන ශම්මි ශ්‍රී ලාල් තොටවත්ත මහතා සහ ටී එම් නිපුනි කෝෂිලා තෙන්නකෝන් මෙනවිය විසින් ලබාදෙන ලදී. මෙහිදී 2013 අංක 9 දරණ දූෂණ විරෝධී පනත, සුපිළිපන්න භාවය, දූෂණ සංජානන දර්ශක සහ අල්ලස් සහ දූෂණයෙහි විපාකයන් යන තේමාවන් ඔස්සේ දේශනයන් සිදු කරන ලදී. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා වන මෙම දීප ව්‍යාප්ත වැඩසටහනේ මධ්‍යම, සබරගමු හා බස්නාහිර පළාත්වල වැඩමුළු මේ වසරේ ඉදිරි මාසයන්හිදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි. Post navigation නිවාස සංවර්ධන අධිකාරියේ දේපළ රාජපක්ෂ පවුලට කුණු කොල්ලෙට දුන්න හැටි. හිටපු ඇමති සරණ ගුණවර්ධනට අද අධිකරණයෙන් ලැබුනු තීන්දුව.