Post Views: 152 බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩ ආවරණය කිරීම සදහා ප්‍රසාද් හේමන්ත කුමාර මහතා පත්කරනු ලැබ තිබේ. අප්‍රේල් 02 දින සිට බලපැවැත්වෙන පරිදි සිදුකල මෙම පත්වීමට පෙර ඒ මහතා අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කරනු ලැබීය. 2013 වසරේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයකු වශයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එක් වු ප්‍රසාද් හේමන්ත කුමාර මහතා බන්ධනාගාර අධිකාරීවරයකු, විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරීවරයකු හා ජ්‍යෙෂ්ඨ බන්ධනගාර අධිකාරීවරයෙකු වශයෙන් උසස් වීම් ලැබූ අතර ත්‍රිකුණාමලය, වාරියපොල, බෝගම්බර, කෑගල්ල, නව මැගසින්, මහර යන බන්ධනාගාර වල සිය රාජකාරි කටයුතු සිදු කර ඇත. එමෙන්ම, 2023 වර්ෂයේදී පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වශයෙන් රාජකාරි සිදුකර, 2024 වර්ෂයේදී බන්ධනාගාර කොමසාරිස්වරයෙකු ලෙස උසස්වීම් ලැබූ ඒ මහතා, සැපයුම් හා සේවා අංශයේ හා මෙහෙයුම් හා බුද්ධි අංශය භාරව කටයුතු කර, අනතුරුව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරයේ රාජකාරි සිදුකරන ලදී. ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ආදී සිසුවකු වන හේමන්ත කුමාර මහතා, ව්‍යාපාර පරිපාලනය පිළිබද පශ්චාත් උපාධිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ විද්‍යාවේදී (විශේෂ) උපාධිය, මානව සම්පත් කළමනාකරණය පිළිබද ජාතික ඩිප්ලෝමාව මෙන්ම බැංකු හා මූල්‍ය කළමනාකරණ පිළිබද සහතික පත්‍ර ලාභියෙක්ද වේ. බන්ධනාගාර පරිපාලනය පිළිබද දේශීය හා විදේශිය පුහුණු වැඩසටහන් හා සමුළු ගණනාවක් සදහා ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ඒ මහතාගේ වෘත්තීය කාලසීමාව තුළ බන්ධනාගාර නිළධාරීන්ගේ හා රැදවුවන්ගේ සුභසාධනය සදහා සුවිශේෂී කාර්යභාර්යන් රැසක් සිදුකොට ඇති බව බන්ධනාගාර තොරතුරු සදහන් කරයි. Post navigation සයිලන්සර්වල ගෙනා කෝටී ගානක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගුවෙන් අල්ලයි. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී වාතාවරණය සහ වත්මන් තත්ත්වය ගැන ඔබ දැනුවත්ද ?