2026 අප්‍රේල් මස 05 දින පෙරවරු 06.00 වන විට පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ප්‍රකාශිත ගෙවීගිය පැය 24 ක කාලය තුල වාර්තා වූ සිදුවීම් වාර්තාව.

  1. මත් කරල් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට – කුරුණෑගල විශේෂ ප්‍රහාරක යතුරුපැදි ඒකකය.

2026.04.04 දින දහවල් කුරුණෑගල පොලිස් වසමේ රෙඩ්ලන්ඩ්වත්ත ප්‍රදේශයේදී කුරුණෑගල විශේෂ ප්‍රහාරක යතුරුපැදි ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකල මෙහෙයුමකදී මත් කරල් 20 ක් සහ ත්‍රී රෝද රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන කුරුණෑගල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

එම සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු මත මත් කරල් 21930 ක් ( විසිඑක් දහස් නවසිය තිහක් ) සමඟ වඳුරාගල ප්‍රදේශයේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 24,25 සහ 45 වයස්වල පසුවන පොතුහැර සහ වඳුරාගල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

  1. නීති විරෝධි මත්පැන් සමඟ සැකකාරියක් අත්අඩංගුවට – හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය.

2026.04.04 දින දහවල් පාදුක්ක පොලිස් වසමේ අරුක්වත්ත ප්‍රදේශයේදී හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් ලීටර් 67.5 ක් (බෝතල් 90) සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන පාදුක්ක පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සැකකාරිය අවුරුදු 50 ක් වන අරුක්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.

  1. දියේ ගිළී දරුවෙකු අතුරුදහන් වීම – නෝර්වුඩ් පොලිස් වසම.

2026.04.04 දින සවස නෝර්වුඩ් පොලිස් වසමේ නෝර්වුඩ් වතුයායේ කෙසෙල්ගමුව ඔයේ දිය නාමින් සිටි දරුවෙකු දියේ ගිලී මියගොස් ඇති බවට නෝර්වුඩ් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

වයස අවුරුදු 16 ක් වූ නෝර්වුඩ් ප්‍රදේශයේ පදිංචි දරුවෙකු වන මොහු ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු සමඟ කෙසෙල්ගමුව ඔයේ දිය නාමින් සිටියදී ඡායාරූප ගැනීමට ගිය අතරතුර මෙලෙස දියේ ගිළී අතුරුදහන් වී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. අතුරුදහන් වූ දරුවා සොයා පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

  1. යතුරුපැදියක් ගසක ගැටී පැදිකරු ජීවිතක්ෂයට – දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසම.

2026.04.04 දින රාත්‍රී දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ පොලොන්නරුව මහියංගනය මාර්ගයේ කිලෝමීටර් 41 කණුව ආසන්නයේදී පොලොන්නරුව දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 23 ක් වූ සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *