ජාඇල – බෝපිටිය – ශාන්ත නිකොලා දෙව් මැදුරට බෝම්බ ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස නාවික හමුදා නිලධාරීන් පිරිසක් ඊයේ පැමිණ දැනුවත් කර තිබෙනවා.

එම දේවස්ථානයේ මීසම් පාලක නිමල් ජයන්ත පියතුමන් ප්‍රකාශ කළේ ඊයේ පෙරවරු 10.05 ට පමණ නාවික හමුදා නිලධාරීන් පිරිසක් කැබ් රථයකින් දෙව් මැදුරට පැමිණ ඇති බවත් එම අවස්ථාවේ තමන් දේවස්ථානයෙන් බැහැරට ගොස් සිටි අතර පැමිණි නිළධාරියෙකු විසින් ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ පවතින බැවින් ඒ පිළිබදව පියතුමන් දැනුවත් කිරිමට පැමිණි බව දේවස්ථානයේ සිටි සේවිකාවකට ප්‍රකාශ කර පිටව ගොස් ඇති බවයි.

තමන් දේවස්ථානය වෙත පැමිණි පසු මේ පිළිබදව දේවස්ථානයට එලෙස පැමිණි නාවික හමුදා නිලධාරියාට දුරකථන ඇමතුමක් ලබාදී සිද්ධිය සම්බන්ධයෙන් විමසීමක් සිදුකල බවත් එයට අමතරව කොළඹ අගරදගුරු මැදුරෙන්ද විමසීමක් කල අතර එවැනි අවදානමක් පිලිබදව වාර්ථා වී නොමැති බව තමන්ට දැනගැනීමට ලැබුනු බවද, එය ශාන්ත නිකොලා දෙව් මැදුරට විශේෂිතව ප්‍රහාරයක් එල්ලවන බවට ලද තොරතුරක් නොවන බවත් තොරතුර දැනුම් දීමට පැමිණි නිළධාරියා කරුණු අවශ්‍ය ප්‍රමාණයට වඩා පැවසීම මත සිදුවූ වරදක් බවත් උස්වැටකෙයියාව නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් දේවස්ථානයට පැමිණ තමාට ප්‍රකාශ කළ බවත් නිමල් ජයන්ත පියතුමන් සදහන් කලා.

කෙසේ වුවත්, මෙම සිදුවීම පිළිබදව තමන්ටද යම් ප්‍රශ්ණකාරී තත්වයක් ඇති බවත්, විශේෂයෙන්ම පසුගිය කාලසීමාව තුල තමන් ජනතාවගේ ගැටළු වෙනුවෙන් සෑම විටෙකම පෙනී සිටිය බවත් පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවට යුක්තිය ඉල්ලීමටත්, මුතුරාජවෙල ආරක්ෂාකර ගැනීම වෙනුවෙනුත් නිරතුරුවම පෙනී සිටීම තුල මෙවැනි සිදුවීම් සුලුකොට තැකිය නොහැකි බවත් නිමල් ජයන්ත පියතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කලා.

කෙසේ වුවත් මෙම සිදුවීම පිළිබදව පොලිසියද පැමිණ තමන්ගෙන් තොරතුරු සටහන් කරගත් බවත් පියතුමා අප වෙත දන්වා සිටියා.

One thought on “බෝපිටිය පල්ලියට ප්‍රහාරයක් එල්ලවීමේ තොරතුර පිටුපස කතෝලික සභාවට රතු එළියක් දැල්වෙයිද ?”
  1. ඡන්දයක් ලගයිද දන්නෙ නැහැ. අපිට කන්න නැතත් ඉන්න රටක් ඕනේ. හා හා නිදාගත්ත දේශප්‍රේමියෝ නැගිටලා එමු වැඩ තියනවා කරන්න.

Leave a Reply to rata rakina viruwa Cancel reply

Your email address will not be published. Required fields are marked *