බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා ලදී.

සමගි ජනබලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගියදා මෙම යෝජනාව කථානායකවරයා වෙත භාර දෙන ලදී.
බලශක්ති කළමනාකරණය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල සහ වගකීම් නිසි පරිදි ඉටු නොකිරීම හෙවත් බලතල පැහැරහැරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංගය ඉදිරිපත් කර ඇත.

එහි දී මෙම විවාදයට එක්වෙමින් වත්මන් බලශක්ති අමාත්‍යවරයා විසින් බාල ගල් අගුරු ගෙන්වීම මෙන්ම පුනර්ජනනීය බලශක්තිය ද විනාශ කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් විපක්ෂ මංත්‍රීවරු අදහස් පළ කරන ලදී. ඒ සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභා වාර්තාව සහ විගණන වාර්තාවේ සඳහන් කරුණු උපුටා දක්වමින් එම ලේඛන සභාගත කිරීමට ද ඔවුන් කටයුතු කරන ලදී.

මෙවැනි විශාල වංචාවක් සිදු කළ වත්මන් බලශක්ති අමාත්‍යවරයාට සිය තනතුරේ තවදුරටත් සිටීම සදාචාරසම්පන්න නොවන බවත් එබැවින් ඔහු වහාම ඉල්ලා අස්විය යුතු බවත් විපක්ෂයේ මතයයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *