Post Views: 129 2026 වසරේ සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධුරය සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ව පත් කිරීමට කටයුතු කර ඇත. සමගි ජන බලවේගයේ සභාපති ලෙස කටයුතු කළ ඉමිතියාස් බාකීර් මාකර් ගේ ඉල්ලා අස්වීමෙන් පසු බොහෝ කාලයක් එම ධුරය හිස්ව පැවති අතර පක්ෂ කත්‍යාධිකාරී මංඩලයේ අනුමැතිය අනුව සමගි ජනබලවේගයේ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම පත් කිරීම ඊයේ (10) සිදු කර ඇත. කබීර් හෂීම් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කර තිබේ. 2014 දී එජාප මහ ලේකම් ධුරයට පත් ඔහු 2015 දී යහපාලන ආණ්ඩුවක් බලයට ගෙන ඒමට විශාල කාර්ය භාරයක් ඉටුකරනු ලැබිය. මෙවැනි පුවත් සියල්ල නිතිපතා දැන ගැනීමට අපගේ පුවත් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.📌 https://www.youtube.com/@smn24news📌 https://facebook.com/smn24news📌 https://www.smn24.lk/📌 https://smn24news.blogspot.com📌 https://www.tiktok.com/@smn24news📌 https://whatsapp.com/channel/0029VakhRKSInlqP974S5V0R Post navigation ගල් අඟුරු සිද්ධියට ඇමති කුමාරට විශ්වාසභංගයක්. පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණ. පාදුක්ක පොලීසියෙන් නොකරන දේ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශනයෙන් කරයි.