Post Views: 742 කෝවිඩ් වෛරසය ආසාධිතය අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා මෙයට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය. තරුණ දේශපාලනඥයෙකු ලෙස දීර්ඝ දේශපාලන ගමනක් ඉදිරියට තිබු ඒ මහතා ප්‍රදේශයේ ජනතාව අතර මහත් ප්‍රසාදයට ලක්ව සිටි ප්‍ර්‍රාදේශීය දේශපාලන නායකයෙකි. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදී සිසුවෙකු වූ ඒ මහතා මියයන විට හතලිස් පස් හැවිරිදි වියේ පසුවිය. ශ්‍යාමලී ජයසිංහ මහත්මිය සමග විවාහා වී සිටි ඒ මහතා දෙදරු පියෙකි. ඒ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. Post navigation එලොව පොල් පෙනෙන පොල්මිල අඩුකිරීම සදහා ගත් පියවර. බෝපිටිය පල්ලියට ප්‍රහාරයක් එල්ලවීමේ තොරතුර පිටුපස කතෝලික සභාවට රතු එළියක් දැල්වෙයිද ?