Post Views: 1,337 නවසීලන්තයේදී පසුගියදා පැවැත්වූ නවසීලන්ත විවාහක රූ රැජිණ තරගයට ඉදිරිපත් වූ නිමක්ශි (නිශී) රණතුංග එහි Mrs. Women Universe New Zeland ශූරතාවය දිනාගත්තාය.එයට අමතරව ඇය පහත සදහන් ජයග්‍රහණද නවසීලන්තයේ දී දිනා ඇත.Best female model- 2022The best social media icon 2022 (@Asia pacific Bollywood factors) ඒ අනුව ඇය 2023 විශ්ව විවාහක රූ රැජිණ තරගාවලිය සදහා නවසීලන්තය නියෝජනය කිරීමට වරම් හිමි කර ගන්නා ලදී. නවසීලන්තයේ ඕක්ලනඩ් ප්‍රාන්තය නියෝජනය කරමින් තරගයට එක්වූ නිශී අධ්‍යාපනය පිළිබඳ උපාධියක් සහ ප්‍රාසාංගික කලාව පිළිබඳ ඩිප්ලෝමාවක් ලබාගත් වෘත්තියෙන් ගුරුවරියකි. ඇය ක්‍රියාකාරී සමාජ සේවා නිලධාරිනියක් ද වේ. ඕක්ලන්ඩ් කාන්තා රැකවරණ, nz පියයුරු පිළිකා පදනමේ සාමාජිකාවක්, ගෘහස්ථ හිංසනය වැලක්වීමේ ව්‍යාපෘති වලද ඇය සක්‍රීයව නිරත වේ. NZSL DANCE STUDIO හි අධ්‍යක්ෂිකාව හා ශිල්පිනියක් ලෙසද කටයුතු කරන නිශී ඇය සතු නර්තනයේ විස්මිත දක්ෂතා බෙදාහදා ගනිමින් බහු සංස්කෘතික උත්සව වලදී ඉතා ක්‍රියාශීලීව දායක වන ශිලිපිනියකි. නිශී අවුරුදු 4 ක දූ සිඟිත්තකගේ ආදරණීය මවකි. ඇය තම පවුල ගැන විස්තර කරන්නේ එකමුතුකමේ සංකේතයක් ලෙසයි. ආදරයයෙන් හා සැලකිල්ලෙන් යුතුකම් ඉටු කරන විනෝදජනක ස්ථානයක් ලෙස ඇය තම පවුල හඳුන්වනවා. නවසීලන්තයට යාමට පෙර ඇය මෙරටදී විදුර විද්‍යාලයේ සහ කොළඹ මියුසියස් විද්‍යාලයේ ආචාර්යවරියක් ලෙසත් කටයුතු කර ඇත. Post navigation Marcus Stoinis sets record and secures Australian win Grand Finale of Mrs Universe NZ & Ms Woman of the Universe NZ 2022.