සංචාරක වීසා මත ඉරාන ජාතිකයින්ට ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරන බව එරට ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම තහනම බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක වන අතර මාස හයක කාලයක් පුරා පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බටහිර ආසියාවේ ඉහළ යන ආතතීන් මධ්‍යයේ තම වීසා පද්ධතියේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් නව සංක්‍රමණ පියවර යටතේ මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

දිගුකාලීන වීසා බලපත්‍ර ඇති අයට මෙන්ම රට තුළ දරුවන් හෝ කලත්‍රයන් සිටින අයටද ඇතුළුව සමහර ඉරාන ජාතිකයින්ට තවමත් ඕස්ට්‍රේලියාවට යාමට හැකියාව පවතින බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *