Views: 192 පවතින අධික වැසි සහිත කාලගුණය නිසා හෙට (27) දිනයේ සියළු පාසැල් වසා දමන බව අධ්යාපන අමාත්යාංශය නිවේදනය කර සිටී. මේ අතර 2027 වසරේ පාසල් වාර සටහන සහ ප්රධාන විභාග කාලසටහන නිකුත් වෙයි.අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශය මගින් 2027 වර්ෂය සඳහා වන පාසල් වාර සටහන (Circular No: 31/2026) නිල වශයෙන් නිකුත් කර ඇත. 2027 වර්ෂය තුළ සමස්ත පාසල් දින 197ක් පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ අනුව, සිංහල හා දෙමළ පාසල් සඳහා වාර සටහන:⭕ පළමු වාරය:⭕පැවැත්වෙන කාලය: 2027.01.04 (සඳුදා) සිට 2027.04.09 (සිකුරාදා) දක්වා⭕ පාසල් නිවාඩුව: 2027.04.10 සිට 2027.04.25 දක්වා⭕ දෙවන වාරය:⭕පැවැත්වෙන කාලය: 2027.04.26 (සඳුදා) සිට 2027.07.30 (සිකුරාදා) දක්වා⭕ පාසල් නිවාඩුව: 2027.07.31 සිට 2027.08.29 දක්වා⭕ තෙවන වාරය:⭕පැවැත්වෙන කාලය: 2027.08.30 (සඳුදා) සිට 2027.12.03 (සිකුරාදා) දක්වා 🛑 මුස්ලිම් පාසල් සඳහා වාර සටහන:පළමු වාරය:1 වන අදියර: 2027.01.04 සිට 2027.02.05 දක්වා (නිවාඩුව: 02.06 – 03.14)2 වන අදියර: 2027.03.15 සිට 2027.04.09 දක්වා (නිවාඩුව: 04.10 – 04.14)3 වන අදියර: 2027.04.15 සිට 2027.04.30 දක්වා (නිවාඩුව: 05.01 – 05.02)දෙවන වාරය:1 වන අදියර: 2027.05.03 සිට 2027.05.14 දක්වා (නිවාඩුව: 05.15 – 05.20)2 වන අදියර: 2027.05.21 සිට 2027.08.27 දක්වා (නිවාඩුව: 08.28 – 08.29)තෙවන වාරය: 2027.08.30 සිට 2027.12.03 දක්වා 🎓 2027 ජාතික විභාග පැවැත්වෙන කාලසටහන:⭕ අ.පො.ස. (උසස් පෙළ) විභාගය: 2027 අගෝස්තු මාසයේ දී⭕ අ.පො.ස. (සාමාන්ය පෙළ) විභාගය: 2027 දෙසැම්බර් මාසයේ දී Post navigation පොලිස්පති අධිකරණයට අපහාසකල බවට සදහන් කරමින් ගම්පහ අධිකරණයෙන් තීරණයක්. අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාලව හෝමාගම පොලීසියේ තිදෙනකුගේ වැඩතහනම් කරයි.