Post Views: 293 ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා වෙන් කරන මුදල්වලින් කොමිස් ලබාදීමේ දූෂිත ක්‍රමය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ආණමඩුව, තෝනිගල ප්‍රදේශයේ කොයිළාඬිගම හරහා කිලෝමීටර් 4 මීටර් 2 ක මාර්ග කොටසක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට එක්වෙමිනි. පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය මඟින් වසර ගණනාවක් තිස්සේ ප්‍රදේශවාසීන් මුහුණ දුන් ප්‍රවාහන දුෂ්කරතාවලට තිරසාර විසඳුමක් ලබා දෙයි. රුපියල් මිලියන 95 ක රජයේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් වසර ගණනාවක් පුරා දැඩි ලෙස අබලන්ව පැවති මෙම මාර්ගය නවීකරණය වීමත් සමඟ ග්‍රාමීය ජනතාවගේ දෛනික ප්‍රවාහන අවශ්‍යතා මෙන් ම ප්‍රදේශයේ පාසල් දරුවන්ගේ ගමනාගමන පහසුකම් ද වඩාත් පහසු බවට පත් වෙනු ඇත. මේ හරහා ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපාය වන කෘෂිකර්මාන්තයට මින් විශාල පිටිවහලක් ලැබෙන අතරම, ගොවි ජනතාවගේ අස්වැන්න ඉක්මනින් හා අඩු වියදමකින් වෙළෙඳපොළ වෙත ප්‍රවාහනය කිරීමට හැකියාව ලැබීම තුළින් ඔවුන්ගේ ආදායම් මට්ටම ඉහළ නංවා ගැනීමටද ඉඩ ලැබෙනු ඇත. ඉදිරි වසර තුන ඉලක්ක කරගත් බහුකාර්ය සංවර්ධන වැඩසටහනක් යටතේ ග්‍රාමීය මාර්ග උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිත කර නියමිත ප්‍රමිතියට සංවර්ධනය කිරීමට කටයුතු කරන බවද රජයේ කොන්ත්‍රාත් හරහා විවිධ පාර්ශව වලට සංතෝසම් ලබාදීමේ ක්‍රමය වත්මන් රජය යටතේ සිදුනොවන නිසා සංවර්ධන කටයුතු ඉහල ප්‍රමිතියකින් සිදුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. Post navigation සියක් වැඩිහිටියන් නමඳිමින් මස්කෙලියෙන් සමාජ සත්කාරයක්.