Post Views: 322 රක්නා ලංකා ආරක්ෂක ආයතනයේ ගිවිසුම් ගතව මුහුදු ආරක්ෂක සේවයේ යෙදී සිටි මාතලේ පදිංචි චමින්ද පුෂ්පකුමාර නම් සී මාර්ෂල්වරයා පසුගියදා තමන් සේවය කරමින් සිටි නෞකාවේදී හදිසියේ ජීවිතක්ෂයට පත්ව ඇත. දරුවන් තිදෙනකුගේ පියෙකු වන 44 හැවිරිදි චමින්ද වසර 12 ක නාවික හමුදා සේවාවෙන් පසුව ඉන් ඉවත්ව රක්නා ලංකා හරහා එක්සත් රාජධානියේ ඇම්බ්‍රෙ (Ambrey) සමාගම යටතේ සී මාෂල් වරයෙකු ලෙස වසර 4 ක පමණ කාලයක සිට සේවය කරමින් සිට ඇති අතර මෙවර නෞකාවේ සේවයට ගොස් දින 16 ක් පමණ වන බවත් වාර්තා වේ. පසුගිය 10 දින සාමාන්‍ය දෛනික වෛද්‍ය පිරික්සුමෙන් පසු ඔහු විවේක ගැනීමට ගිය බවත් සුළු වේලාවකින් අසනීප තත්වයක් ඇතිව හදිසියේම මියගොස් ඇති බවත් දැනට දැනගැනීමට ලැබී තිබෙන තොරතුරු වේ. මේ සම්බන්ධයෙන් අදාල විදේශ සමාගම රක්නා ලංකා ආරක්ෂක ආයතනය වෙත හා මෙරට දේශීය නියෝජිත ආයතනය වන ශරාෆ් ෂිපිං ඒජන්සි (sharaf shipping agency (pvt) ltd) වෙත දන්වනු ලදුව රක්නා ලංකා විසින් දුරකථනය මගින් පවුලේ ඥාතීන්ට පසුගිය 10 දා මරණය සම්බන්ධව දන්වා ඇත.කෙසේ වෙතත් තවමත් මෘත දේහය මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු මන්දගාමී ලෙස සිදුවන බවත් සිරුර මේ වන විටත් ඕමාන් වරායේ ඇති බවත් ඥාතීන් විසින් පවසා සිටී. මේ පිලිබදව අප විසින් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ අදාල විදෙස් ආයතන සම්බන්ධ කර ගැනීමට කිහිප වතාවක් උත්සහා කලද පිළිතුරක් ලබා ගත හැකිවූයේ ශරාෆ් ෂිපිං ඒජන්සි (sharaf shipping agency (pvt) ltd) ඩුබායි කාර්‍යාලයෙන් පමණකි. Post navigation ලෝක හමුදා තුන්ප්‍රයාම ශූරතාවලියට ප්‍රංශයට ගොස් අතුරුදහන් වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ගේ ඡායාරූප මාධ්‍යයට. ජනපති නියමයෙන් පළාත් ආණ්ඩුකාරවරු තිදෙනකු ඉවතට.