Post Views: 305 2023 වසරේ ප්‍රංශයේ පැවැත්වූ ලෝක හමුදා තුන්ප්‍රයාම ශූරතාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ආරක්ෂක සේවා තුන් ප්‍රයාම තරඟ කණ්ඩායමේ හමුදා සාමාජිකයින් හත් දෙනෙකු ප්‍රංශයේදී පැන ගොස් තිබේ. Conseil International du Sport Militaire විසින් සංවිධානය කරන ලද ශූරතාවලියට තරඟ කිරීමට කණ්ඩායම මැයි 4 වන දින ප්‍රංශයේ Brive-la-Gaillarde වෙත ගිය අතර එහි සමාරම්භක අවස්ථාවටද සහභාගී වී තිබේ. අදාළ පිරිසට ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් ඇතුළු සාමාජිකයින් 13 දෙනෙකු ඇතුළත් විය. ආරක්‍ෂක සේවා තුන්පෙළ තරගාවලියේ සභාපති කමාන්ඩර් ලක්මාල් වීරක්කොඩි විසින් මෙම කණ්ඩායම මෙහෙයවීය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් හත් දෙනෙකු ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර සොරකම් කර අණදෙන නිලධාරියා මග හැර නවාතැන්පලෙන් පලා ගොස් ඇත. අතුරුදන් වූවන් අතර යුද හමුදාවේ සිව් දෙනෙකු, ගුවන් හමුදාවේ දෙදෙනෙකු සහ නාවික හමුදා සෙබළෙකු සිටින බව වාර්තා වන අතර කණ්ඩායම මෙම තරගාවලියේ සමාරම්භක අවස්ථාවට සහභාගීවූ අවස්ථාවේ ලබාගත් ඡායාරූප මේ වනවිටදී සමාජ මාධ්‍යයන් වෙත ලැබී ඇත. Post navigation “Sri Lanka skills Expo 2023” ශ්‍රී ලංකාවේ ප්‍රථම නිපුණතා සහ රැකියා ප්‍රදර්ශනය කොළඹදී. රක්නා ලංකා මුහුදු ආරක්ෂකයෙකු නෞකාවේදී හදිසියේ මියයයි. සිරුර තවමත් ඕමානයේ.