ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද (15) සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඇත.

මේ අනුව, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කල අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ධූරවලින් ඉවත් කෙරී ඇත.

නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම එළඹෙන බදාදා (17) සිදු කිරීමට නියමිත බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *