Post Views: 464 මන්නාරම් දෝණියේ සැඟව ඇති ඩොලර් බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් කිහිප ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ පැවති බලශක්ති අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් කැණීම් සිදු කරන ආයෝජකයන්ට සියයට 50 ක කොටසක් ලබා දුන්නද ඩොලර් බිලියන 133.5 ක ආදායමක් රජයට අත්කරගත හැකි බවත් එය රටේ සමස්ත ණය වටිනාකම වන ඩොලර් බිලියන 47 මෙන් තුන් ගුණයකට ආසන්න වන බවයි අමාත්‍ය උදය ගම්මන්පිල එහිදී පෙන්වාදී ඇත්තේ. මන්නාරම් ද්‍රෝණියේ ඇති ගෑස්වලින් පමණක් නොරොච්චෝලේ බලාගාරය වසර 120 ක් ක්‍රියා කළ හැකි බවත්, එහි ඇති තෙල්වලින් පමණක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසර 143 ක් ක්‍රියාත්මක කළ හැකි බවත් අමාත්‍යවරයා එහිදී අනාවරණ කර තිබෙනවා. තෙල් හා ගෑස් ගවෙශණය සඳහා තෙල් ළිං 07 ක් කැණීමේදී ඉන් එකක් සාර්ථක වීම සාමාන්‍ය තත්ත්වයයි. එහෙත් ශ්‍රී ලංකාවේ කැණීම් සිදුකළ ළිං 04 න් 03 ක්ම සාර්ථක වීම යහපත් තත්ත්වයක් බවද මෙහිදී ප්‍රකාශවී තිබෙනවා. අමාත්‍ය උදය ගම්මන්පිල මෙම තොරතුරු අනාවරණ කර ඇත්තේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඛණිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පිළිබඳ බලශක්ති අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරමින්. එහිදී පනත් කෙටුම්පතට කාරක සභාවේ එකගතාවය හිමිවූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. Post navigation ජනාධිපතිතුමා විසින් අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම හේතුවෙන් සිදුවනුයේ කුමක්ද ? නව මහ බැංකු අධිපතිවරයා අද සිය ධූරයේ රාජකාරී බාර ගන්නා ලදී.
මන්නාරම් දෝණියේ තෙල් ගවේසනය කලේ 1970 දසකයේ…එවකට තිබුන සිරි මාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව මගින් මෙහි තෙල් ගවේසනය සඳහා Norway රජයෙන් Research ෂිප් එකක් ගෙන්නුවා…ඒ නැවේ නම Poseidon …(මම එවකට සේවය කලේ Tuckers marine engineers, කියන ආයතනයේ..මට හදිසියේ යන්න උනා නැවක stearing failure එකක් අලුත් වැඩිය කරදීම සඳහා..) ඒ වන විට අපේ රටේ computers කියන ඒ ව මම දැකල තිබුනෙත් නැහැ…ඒ නැවට ගිහින් අලුත් වැඩියාවන් නිම කිරීමට දවස් තුනක් වැනි කාලයක් මට ගත උනා…ඒ අතර තුර නැවේ කාර්ය මණ්ඩලය සමග සුහදත්වයක් ඇතිව,ඒ අය ගෙන් මට සියලු විස්තර දැනගැනීමට හැකි උනා, ඔවුන් මෙරටට පැමිණි කාර්ය සහ, එම කාර්යයේ ප්‍රතිපල…නමුත් ඔවුන් එම විස්තර එවකට පැවතී ආණ්ඩුවට නොදුන් බව තමයි මට දැන ගන්න ලැබුනේ…ඔවුන් ගේ operating රූම් එකපෙන්වා මට සියල්ල විස්තර කරදුන්න..එදා තමයි මම ජීවිතයේ පළමු වරට computers විසාල ප්‍රමාණයක් දැක්කේ…pointed sensor එකකට සම්බන්ද කරතිබුන wire දහස් ගණනක් අඩංගු වයර් හාන්ස් එකක් සහිත විසාල රෝලක් මීටර් දහස් ගණනක් දිගට ඔත තිබුන, ලොකු රෝදයක…ඒ වයර් හාන්ස් ඒකතමයි පොලොව විදිද්දී පොලොවයටට යවන්නේ…ඔවුන් මට පැවසුවා, තෙල් ගවේසනය සඳහා මන්නාරම් දොනියට පැමිණි බවත් කාලයක් තිස්සෙකල පරීක්ෂණවලින් ඒ අය එහි තෙල් ඇති බව සොයගත්බවත්…මොවුන් එදා නිහඬව මෙරටෙන් පිටවී ගොස් තමයි, මම හිතන්නේ,(කොටින්ට ආදාර දෙන්න පටන් ගත්තේ,මෙරට දෙකඩ කිරීමට…මොකද ඒ තෙල් සම්පත් ඔවුන් සතු කරගැනීම සඳහා..)..ඉන් පසු පැමිණි රජයන් වලටද කිසිම දිනක උවමනා උනේ නැහැ මේ ලංකාවේ ඇති තෙල් සම්පත ගොඩ ගැනීමට…මම නොයෙක් අවස්ථාවලදී ලිපි මගින් වගකිවයුත්තන් දැනුවත් කලත් ඒ වා බීරි අලින්ට වීනා වැයුමක් වම පැවතුනා….මෙවර හෝ මේ තෙල් සම්පත ගොඩ ගැනීමට කටයුතු නොකලොත් ඕක ජීඑවිත්ට ගොඩ ගන්න එකක් නැහැ… Reply