Post Views: 463 මෙම රෙගුලාසි යටතේ සාමාන්‍ය ජන ජීවිතය නිසි පරිදි පවත්වාගෙන යාම සදහා රජය යම් යම් නියෝග පනවනු ලබන අතර ඒවා හුදෙක්ම මහජන සුබසිද්ධිය උදෙසාම වේ. ඒ යටතේ,ජනාධිපතිවරයා විසින්, නියමයක් මගින්, මුළු ශ්‍රී ලංකාව සඳහාම හෝ එහි යම් කොටසක් සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් යම් තැනැත්තකු නමින් හෝ නිලයෙන් පත් කරනු ලැබිය හැකිය. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අදාළ සියලු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරීම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ කාර්යය වන්නේය. ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කල සේවාවන් වලට අදාලව,ඒ නියමයෙහි දිනයෙන් පසු තම කාර්යය හෝ සේවය කරන ස්ථානයට හෝ තම සේවායෝජක විසින් නැතහොත් තම සේවායෝජකයාගේ බලය යටතේ ක්‍රියා කරන තැනැත්තකු විසින් කලින් කල නම් කරනු ලබන වෙනත් ස්ථානයකට පැමිණ සිටීම පැහැර හැරියහොත් හෝ ප්‍රතික්ෂේප කළහොත් හෝ එම සේවයේ තමන්ගේ සේවා නියමයන්ට හා කොන්දේසිවලට අනුකූලව සාමාන්‍ය වැඩකරන දිනයක හෝ යම් කොටසක වැඩ කිරීමට තමන්ට නියමිත මුළු කාලසීමාව තුළ වැඩ නොකිරීමක්, වැඩ කිරීම පැහැර හැරියහොත් හෝ ප්‍රතික්ෂේප කළහොත් හෝ සේවා ස්ථානයෙන් බැහැර ගියහොත් හෝ වැඩට නොපැමිණ සිටියහොත්; හෝඒ කාලය හෝ කාලසීමාව සාමාන්‍ය වැඩ කරන කාලය ඇතුළත් වුව ද, ඉන් බාහිරව හෝ නිවාඩු දිනවල වුවද ඉටු කිරීම පැහැර හැරියහොත් හෝ ප්‍රතික්ෂේප කළහොත්, ඔහු තම සේවය එකෙනෙහිම අවසන් කළ ලෙස හෝ ඉන් ඉවත් වූ ලෙස, සියලු කාර්යය සඳහා සැලකිය යුතුය. තව ද, ඊට අතිරේකව වරදකට වරදකරු ද විය යුතු ය. එමෙන්ම,සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීම, බෙදා හැරීම, අඩපණ කිරීම, අධික මිළගණන් අය කිරීම හා පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් කරන වෙළඳපල අක්‍රමිකතා ඇතිකිරීම ආදී කටයුතු වැළැක්වීම සඳහා සහ පාරිභෝගික ජනතාවගේ සුභසිද්ධිය සඳහා කටයුතු කිරීම මෙම නියෝගයේ අරමුණ වේ. එබැවින් රජයේ සහතික මිළට හෝ රේගුවේ දී ආනයනය කළ මිළ ගණන් පදනම් කරගෙන වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිළදී ගෙන ජනතාවට සාධාරණ මිළට ලබා දීමට බලයලත් නිලධාරියා හෝ බලධාරීන් කටයුතු කිරීමටත්, රාජ්‍ය බැංකුවලින් එවැනි තොග මිළදී ගැනීම් සඳහා ගෙන ඇති ණය, ණය හිමියන්ගෙන් අය කර ගැනීමටත් එම බැංකු පියවර ගත යුතුය. Post navigation අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ට මොකද උනේ මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස්වල වටිනාකම ගැන අමාත්‍ය ගම්මන්පිල කල අනාවරණය