Post Views: 549 ටවර් හෝල් රඟහල පදනම දෙවන වරටත් සංවිධාන කළ පේ‍්‍රක්ෂා රංග කලා මහෝත්සවය පසුගිය 21 වැනිදා නිමා විය. පසුගිය වසරේ මෙන්ම මෙවර ද ඉතා ඉහළ පේ‍්‍රක්ෂක ප‍්‍රසාදයක් හිමි වූ දිවයිනේ ප‍්‍රමුඛතම නාට්‍ය උළෙල වන පේ‍්‍රක්ෂා නාට්‍ය උළෙල අවසන්වීමෙන් පසුව එහි මුඛ්‍ය පරමාර්ථ ඉටුවුයේද යන්න විමසා බැලූ සාකච්ඡාවක් දිවයින පුවත්පත මගින් කල අතර එහිදී අදහස් දැක්වූ ටවර්හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ඞී. එම්. එස්. දිසානායක මහතා, පේ‍්‍රක්ෂා නාට්‍ය උළෙල පැවැත්වීමේදී පැමිණි දුෂ්කර අභියෝග ගැන සඳහන් කරමින් එයට පිළිතුරු ලබාදෙන ලදී. මුල් වරට පසුගිය වසරේ පේ‍්‍රක්ෂා නාට්‍ය උළෙල පටන් ගන්නෙ කොවිඞ් වසංගතය හමුවේ වේදිකාවෙන් ඈත්වෙලා හිටිය නාට්‍යකරුවා යළි වේදිකාවට ගෙන්වා ගැනීමට. හැබැයි 2020 නාට්‍ය උළෙල තියෙනකොට ඒ වෙද්දි කොවිඞ් රෝගීන් වාර්තාවෙලා හිටියේ හාරදහසයි. මරණ තිබුණේ 13 යි. නමුත් මේ වතාවේ නාට්‍ය උළෙල පවත්වන්නෙ ඊට වඩා ලොකු අභියෝග එක්ක. කොවිඞ් රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 13 ළඟා වෙලා තියෙද්දි, මරණ සංඛ්‍යාව දහතුන් දහස ඉක්මවලා තියෙද්දි, නිරෝධායන නීති පනවලා මේ සමාජය වගේම මේ ආයතනයත් අකර්මණ්‍ය තත්ත්වයක තියෙද්දියි අපි මේ වතාවේ නාට්‍ය උළෙල සංවිධානය කරන්නෙ. ඒ වගේම නාට්‍යකරුවාටත් වසර දෙකක් වගේ කාලයක් වේදිකාවකට එන්න බැරිව පෙර වතාවටත් වඩා අසරණ වෙලා හිටියේ. අඩුම තරමේ ඔවුන්ට පුහුණු වෙන්න වත් තැනක් තිබුණෙ නෑ. එකපැත්තකින් එහෙම අභියෝගයක් තියෙද්දි වසර දෙකකින් ආදායමක් නැති වීමෙන් ටවර්හෝල් පදනමටත් මේ වගේ වැඩක් කරන්න මුදලක් තිබුණේ නෑ. ඒ වෙද්දි ටවර් හෝල් එකත් ලක්ෂ තිහක විතර හිඟ බිල් ප‍්‍රමාණයක් ගෙවිය යුතු තැනකට වැටිල තිබුණෙ. මේ අභියෝග ජයගන්න සැලසුම් හැදුනෙ කොහොමද? අපේ අමාත්‍ය විදුර වික‍්‍රමනායක ඇමැතිතුමා සහ ලේකම් තුමිය සමග කළ සාකච්ඡාවෙදි අමාත්‍යතුමාගෙන් ආව යෝජනාව තමයි අපේ ආයතනය අයත් අග‍්‍රාමාත්‍යතුමාගේ බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍යංශයේ ආයතනවලින් මේ සඳහා මුදල් හොයා ගනිමු කියන එක. ඒ අනුවයි ජාතික කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශී‍්‍ර ලංකා නාට්‍ය උපදේශක සභාව මේ කාර්යට මැදිහත් වෙන්නෙ. එතනදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නාට්‍ය සඳහා යන වියදමින් නව ලක්ෂ හැත්තෑපන්දහසක මුදලක් අපිට ලබා දුන්නා. ජාතික කලා මණ්ඩලයත් රුපියල් පන්ලක්ෂ විසිපන්දහසක් ලබාදුන්නා. ටවර් හෝල් එකයි එල්ෆින්ස්ටන් එකයි දින දහයක් ලබා දෙන්න අපේ පැත්තෙන් අපි තීරණය කළා. එහි මුල්‍ය වටිනාකම රුපියල් පහලොස් ලක්ෂ හැත්තෑ තුන්දහසක් වෙනවා. ඊට පස්සෙ අපිට තිබුණ අභියෝගය වුණේ ටිකට් පත් මුද්‍රණය, පෝස්ටර් කටවුට් සහ මාධ්‍යවලට යන වියදම් සොයා ගැනීම. එතනදි තවත් ලක්ෂ හතක විතර මුදලක් බැංකු සහ ආයතන මගින් ලබා දුන්නා. ඒ වගේම ‘දිවයින’ පුවත්පත නොමසුරුව අපිට නිල මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රය ලබාදෙන්න ඉදිරිපත් වෙනකොට රූපවාහිනිය සහ අනෙකුත් පුවත්පත් මේ වැඬේට උදව් කළා. පේ‍්‍රක්ෂා වැනි නාට්‍ය උළෙලක් පේ‍්‍රක්ෂකයන්ටත් අවශ්‍ය මොහොතක අපි මෙය සැලසුම් කළේ එහෙම. නාට්‍ය උළෙල දෙස හැරී බැලූවොත් එය පැවැත්වීමේ අරමුණ සාක්ෂාත් කරගන්න පුළුවන් වුණාද? නාට්‍යකරුවාගේ බිඳ වැටුණු ආර්ථිකයට කිසියම් වූ පුනර්ජීවනයක් ළඟා කිරීමයි මෙහි එක් ප‍්‍රධාන අරමුණක් වුණේ. අනික නාට්‍ය ශිල්පීන් කාර්මික ශිල්පීන් වේෂ නිරූපන මේ වගේ නාට්‍ය වටා ඉන්න පිරිස නැවතත් නාට්‍ය කරන තැනට පොළඹවා ගැනීම. ඒ වගේම පේ‍්‍රක්ෂකාගාරයෙන් ඉවත්ව සිටි පේ‍්‍රක්ෂකයා නැවත නාට්‍ය පේ‍්‍රක්ෂකාගාරයට කැඳවීම. ඒත් එක්කම රට පුරා සිටින නාට්‍ය සංවිධායකයින් ඒ සඳහා යළි පොළඹවා ගැනීම. මෙන්න මේ කියන කරුණු අපි බලාපොරොත්තු වුණාටත් වඩා ඉටු කරගන්න අපිට පුළුවන් වුණා. අපි මනමේ නාට්‍යයෙන් නාට්‍ය උළෙල පටන් ගත්තෙ මනමේ ආරම්භ කරල මේ වසරට වසර 65 සම්පූර්ණ වෙද්දි. අපි නොසිතූ පේ‍්‍රක්ෂක පිරිසක් මේ නාට්‍ය උළෙලට පැමිණුනා. අපට පුළුවන් වුණා දින දහයක නාට්‍ය විස්සක් පෙන්වනකොට රුපියල් ලක්ෂ පනස් පහක මුදලක් මේ නාට්‍යකරුවන් අතරේ බෙදල දෙන්න. අපි කිසිම විට මේකෙන් රජයට හෝ ටවර්හෝල් පදනමට ලාභයක් බලාපොරොත්තු වුණේ නෑ. මුළු මුදලම යෙදෙව්වේ නාට්‍යකරුවන් වෙනුවෙන්. අපිට ඕන වුණේ කොවිඞ් හමුවේ අන්ත අසරණව සිටින කලාකරුවන්ට ආදායමක් ලබාදීම. ඔවුන් තෘප්තිමත් නැතිව දේශීය කලාවක් පවත්වාගැනීමේ හැකියාවක් අපට ලැබෙන්නේ නෑ. කොළඹ පමණක් මේ වගේ නාට්‍ය උළෙලක් පවත්වල නාට්‍ය කලාව ගොඩ දාන්න පුළුවන්ද. රාජ්‍ය ආයතනයක් විදියට ඊට එහා ගිය දැක්මක් නැතිද? ලංකාවේ නාට්‍ය පෙන්වන ප‍්‍රධානම රංග ශාලා තියෙන්නෙ කොළඹ. ලංකාවේ වේදිකා නාට්‍ය පෙන්වන්නෙ කොළඹ කියන කතාව අතීතයේ ඉඳලම තිබුණ කතාවක්. හැබැයි අපි ඉදිරි වසරේදී ඒ කතාව වෙනස් කරන්න හිතල තියෙන්නෙ. ලබන වසරේදී කඳුරට සහ දකුණු පළාත් නාට්‍ය උළෙලක් පවත්වන්න යෝජනා කර තිබෙනවා. ඊට අමතරව යාපනයේ ද්‍රවිඩ නාට්‍ය උළෙලක් පවත්වන්නත් යාපනය කේන්ද්‍ර කරගෙන ද්‍රවිඩ නාට්‍ය පාසලක් පවත්වන්නත් සැලසුම් කර තිබෙනවා. ඒත් එක්කම මේ වසරේදී පවත්වන්න බැරි වුණු පාසල් ජාතික නාට්‍ය තරගාවලිය ලබන වසරේදී අපි පවත්වනවා. සටහන – තිස්ස ගුණතිලක/දිවයින Post navigation මත්පැන්බී සාද දැමීම යනු ආගම නොවේ, කාදිනල් හිමි පවසයි. සිල්වර් ස්ක්‍රීන් වෙතින් 60 දශකයේ සිනමා ශිල්පීන්ට හරසර ප්රණාම.