Post Views: 128 පාදුක්ක, පෝරේගෙදර ශ්‍රී විජයවර්ධනාරාමයට අනුබද්ධ සිරි සුගතවංශ දහම් පාසලේ ආදි ශිෂ්‍ය සංගමය මගින් ප්‍රථම වරට සංවිධානය කල කවි මඩුව ඊයේ (04) රාත්‍රී පෝරේගෙදර ශ්‍රී විජයවර්ධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුනි. ශ්‍රී විජයවර්ධනාරාමාධිපති පූජ්‍ය දන්දෙනියේ සුගත සිරි නාහිමිගේ අනුශාසකත්වයෙන් මහයායේ අනුරුද්ධ හිමි ඇතුළු දහම් පාසලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් පවිත්‍ර සංකල්ප වැලිකන්න මහතාගේ සම්බන්ධීකරණයෙන් සංවිධානය කල මෙම කවි මඩුව සඳහා,ශ්‍රියා හිඳුරංගල (මූලසුන)සිරිසේන හටන්ගලතුෂාර හෙට්ටිආරච්චිජයසෝමා හපුආරච්චිපැල්පිට සරත්චන්ද්රපබසරා ලියනගේකල්යාණී සමරසේකරපවිත්ර සංකල්ප වැලිකන්න (සම්බන්ධීකරණය) යන දිවයිනේ ප්‍රවීණ කවි කිවිඳියන් සහභාගී විය. ශ්‍රියා හිඳුරංගල කිවිඳියගේ මෙහෙයවීමෙන් රාත්‍රී 7.00 ට ඇරඹී මෙම රසාලිප්ත කවි මඩුව මධ්‍යම රාත්‍රී 12.00 වනතෙක්ම පැවැත්වුණි. විශාල ජන සහභාගීත්වයක් සහිතව පැවති මෙම රමණීය කවිමඩුව ඉතාම සාර්ථකව පැවැත්වීම සම්බන්ධව පැමිණි සියල්ලන්ම සංවිධායකයිනට සිය ප්‍රශංසාව පල කරන ලදී. කවි මඩුවේ වීඩීයෝ සඳහා smn24news යූ ටියුබ් නාලිකාව නරඹන්න. Post navigation ඉෆ්තාර් සැමරුමට එක්වූ ජනපතිට ලැබුනු තෑග්ග.