ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳසහිත ගුවන් යානා ඇණියක් ස්ථාපනය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන අල්ලස් ගැනීමේ සිද්ධියක විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවා ඇත. ඒ අනුව අද (04) පෙරවරුවේ ඒ මහතා කොමිෂන් සභාව වෙත පැමිනියා.

අල්ලස් කොමිසම විසින් ලිඛිතව කරන ලද දැනුම්දීමකට අනුව නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරු 9.00 ට පමණ කොමිසම හමුවට පැමිණි අතර, ඔහු මේ සඳහා ඔහුගේ නීතිඥවරයා මගින් සැප්තැම්බර් 25 වැනිදා දක්වා වෙනත් දිනයක් ඉල්ලා සිටියද, අල්ලස් කොමිසම එය ප්‍රතික්ෂේප කරමින් සැප්තැම්බර් 04 දිනම පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ඒ අනුව මේ සදහා ඔහු පැමිනෙන බව ඔහුගේ නීතිඥයා මගින් කොමිසම වෙත දැනුම් දී තිබුනි.

මේ අවස්ථාවේදී ඔහුට සහාය දක්වමින් විශාල පිරිසක් කොමිෂන් සභා කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි අතර හිටපු ඇමතිවරු සහ මංත්‍රීවරුද ඒ අතර සිටිනු දක්නට ලැබුනි. මින් සමහර පුද්ගලයන් ආවේගශීලීව මාධ්‍යවෙත අදහස් දක්වමින් සදහන් කලේ මෙම පරීක්ෂණ සිදුකරන්නේ වත්මන් රජයේ දේශපාලන පලිගැනීම් වල එක් කොටසක් ලෙස බවයි.

කෙසේ වෙතත් කොමිසම විසින් ඔහුගේ ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව ඔහුව අද දහවල් 2.30 ට පමණ අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *