Post Views: 379 වෙසක් උත්සවයේදී මත්පැන් අලෙවිය තහනම් නම් නත්තලේදීත් එය තහනම් විය යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පසුගියදා පැවසූහ. ආගම යනු සාද දැමීම හෝ මත්පැන් බී ජීවිත නාස්ති කරගැනීම නොවන බව කී කාදිනල්තුමෝ ආගම යනු උතුම් දෙයක් බව ද සඳහන් කළහ. මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ ගනේමුල්ල, බොල්ලත ප්‍රදේශයේ දේවස්ථානයක පැවති දේව මෙහෙයකට එක්වෙමිනි. සංචාරක අමාත්‍යාංශය අනුමත කළ හෝටල්වල නත්තල් දා මත්පැන් අලෙවියට ඉඩදෙන්නැයි කර ඇති ඉල්ලීමක් තමන් පුවත්පත්වල දුටු බව කී කාදිනල්තුමෝ නත්තල් දා මත්පැන් පානය කර ජීවිත විනාශ කරගැනීමට අවසරදීම සෞභාග්‍යයේ දැක්මදැයි තමන් ප්‍රශ්න කරන බව පැවසූහ. 2019 අප්‍රේල් 21 සිදුවූ ඒ මහා විනාශයට තාම හරි ක්‍රියාකාරීත්වයක් අපි දකින්නේ නෑ. මහමොළකාරයෝ තාම නිදැල්ලේ කියලා අපිට හැගෙනවා. ඒ අය ගැන පාස්කු කොමිෂන් වාර්තාවේ නම්වලින්ම සඳහන් කර තිබුණත් තාම එක්කෙනෙක්ගෙන්වත් ප්‍රශ්න කරලා නෑ. නමුත් නාටකයක් රඟපාන බව පේනවා. අපි දේශපාලන බලවේගවල හෝ නායකයන්ට අතකොලු විය යුතු නැහැ. අපි උගන්වන දර්ශනය ඊට වඩා ඉහළයි.” යැයි ද කාදිනල්තුමෝ කීහ. Post navigation පිටිපන නව මීසම් සේවක ලෙස පැමිණි ගරු ඇන්ටන් රංජිත් පියතුමන් හරසරින් පිළිගැනේ. පේ්රක්ෂා නාට්‍ය උළෙලින් ලක්ෂ 55 ක් නාට්‍යකරුවන් අතරේ බෙදල දුන්නා – ටවර් හෝල් අධ්යක්ෂ ජනරාල්