Post Views: 133 ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය අවසන් කිරීම වෙනුවෙන් ජනාධිපති මන්දිරයේදී පැවති ඉෆ්තාර් සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි විය. එම අවස්ථාව අගයමින් ජනපතිට එහිදී ශුද්ධවූ කුරානයක් ත්‍යාග ලෙස ලබාදීමට මුස්ලිම් ප්‍රජාව කටයුතු කරන ලදී. ඉස්ලාම් ආගමික නායකයින් මෙන්ම මැති ඇමතිවරුන්, රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් වැඩසටහන පැවැත්විණි. නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා මෙහි පිළිගැනීමේ කතාව සිදු කළ අතර ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතාද එහිදී අදහස් දැක්වීය. ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක්ව සිටි පිරිස සමග සුහද කතාබහකද නිරත විය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් යන මහත්ම මහත්මීහුද, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ්, කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් යන මහත්ම මහත්මීහුද, රාජ්‍ය නිලධාරීන්, මහකොමසාරිස්වරුන්, තානාපතිවරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. Post navigation ශ්‍රී සර්වඥ ධාතූන් වන්දනාමාන කිරීමට සැදැහැවතුන්ට දවසේ පැය 24 පුරාවටම අවස්ථාව. පාදුක්කේ රසාලිප්ත කවි මඩුව.