Post Views: 148 2001 වසරේදී පිලිපීනයේ කැරොසල් ප්‍රඩක්ෂන්ස් ආයතනය විසින් ආරම්භ කරන ලද ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර රූ රැජින තරඟ හතරෙන් එකක් වන මිස් අර්ත් තරඟයේ ජාත්‍යන්තර වේදිකාවට ශ්‍රී ලංකාව නියෝජනය කරන රූප රාජිනිය තෝරා ගැනීමේ මිස් අර්ත් ශ්‍රී ලංකා 2026 තරගයේ සමාරම්භය කොළඹ නෙළුම් කුලුනේදී පවත්වන ලදී. ලොව ප්‍රමුඛතම BIG 4 International Beauty Pageants අතරින් එකක් වන Miss Earth, ලොව පුරා රටවල් 90කට අධික සංඛ්‍යාවක් සහභාගී වන කීර්තිමත් ජාත්‍යන්තර වේදිකාවක්. කිරුළක් පමණක් නොව මෙය අරමුණක් සහිත ගමනක් වන අතර ලෝක වේදිකාවක් කරා යන ශ්‍රී ලංකාවේ ගමන මෙතැනින් ඇරඹේ. එහි 2026 වසරේ තරගයට රූ රැජිනන් තෝරා ගැනීමේ සමාරම්භය ශ්‍රී ලංකාවේ අභිමානවත් සංකේතයක් වන කොළඹ නෙළුම් කුලුනේදී පවත්වමින් අපේ රටේ සුන්දරත්වය, දක්ෂතාවයන් සහ ප්‍රෞඩත්වයන් ලොවට ගෙන යන අභිමානවත් ගමන මෙසේ ඇරඹුනි. Post navigation වසර 21 කට පසු අවසන් තරගය අහිමි වූ නෙට්බෝල් කණ්ඩායම ලෝකඩ පදක්කම රැගෙන දිවයිනට පැමිණෙයි.