තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්‍දර කාර්යාංශය මගින් සංවිධානය කරනු ලබන කොළඹ මුද්දර දැක්ම මාර්තු මස 27 සිට 29 දක්වා පෙරවරු 09.00 සිට පස්වරු 6.00 දක්වා කොළඹ 10 ඩී ආර් විජයවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථානයේදී පැවැත්වේ.

දෙස් විදෙස් පැරැණි මුද්දර, මුල් දින කවර සිහිවටන පත්‍රිකා ඇතුළු මුද්දර විනෝදාංශය ආශ්‍රිත සියලු දෑ මෙන්ම පැරැණි කාසි සහ නෝට්ටු ඇතුළු බොහෝ දෑ කොළඹ මුද්දර දැක්මට පැමිණ මිලදී ගත හැකි බව මුද්‍දර කාර්යාංශය සදහන් කරයි.

පාසල් සිසුන්ට ඉතාමත් වැදගත් වන මෙම මුද්දර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙස තැපැල්පති රුවන් සත්කුමාර මහතා විසින් ආරාධනා කර සිටී.

By Dewmi Talisha

Dewmi Talisha Staff reporter

Leave a Reply

Your email address will not be published. Required fields are marked *