Post Views: 243 පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා තීරණයට කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියත්, විවෘත විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධියත් ලද ඔහු 2014.01.01 දින සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට සම්බන්ධ වී ඇත. දේශීය සහ විදේශීය පොලිස් සේවයට අදාළ පුහුණු පාඨමාලා රාශියක් හදාරා ඇති ඔහු මහනුවර සහ ත්‍රිකුණාමලය කොට්ඨාශවල සේවය කිරීමෙන් පසු මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ, පොලිස් මාධ්‍ය අංශයේ සහ මහජන සම්බන්ධතා අංශයේ වැඩබලන අධ්‍යක්ෂ, නීති අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ සහ කන්තලේ කොට්ඨාශ භාර නිලධාරි ලෙස සේවය කර 2024 දෙසැම්බර් 16 වන දින පොලිස් මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස වැඩ බාරගන්නා ලදී. පෞද්ගලික කරුණක් මත මෙසේ මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කල බවත් අදාල ඉල්ලා අස්වීමේ ලිපිය මගින් දන්වා ඇති බව වාර්තා වේ. Post navigation Asian Media and Cultural Association (AMCA) new office bearers elected කොළඹ මුද්දර දැක්ම 2025 ඇරඹේ.