Post Views: 179 ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ සුලු කාලයක් සඳහා මුදලට ත්‍රීරෝද රථයක් ලබාගෙන සංචාරයේ යෙදෙන විදෙස් ජාතිකයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මෑත කාලය තුල විවිධ වූ රිය අනතුරු වලට මුහුණ පා ඇති අතර මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී අනාවරණය වී ඇත්තේ ත්‍රීරෝද රථ පැඳවීම සඳහා බලපත්‍ර නොමැති වීම සහ පුහුණුවක් නොමැති වීම මෙම අනතුරු සිදුවීමට හේතු වී ඇති බව පොලීසිය සදහන් කරයි. විදේශීකයෙකුට මෙරටදී වාහන පැදවීම සඳහා පහත සඳහන් බලපත්‍ර වලින් එකක් හෝ අවශ්‍ය බව පෙන්වා දෙන පොලීසිය වාහන කුලී පදනමට ලබාදෙන අය මේ පිළිබදව සැලකිලිමත් විය යුතු බවත් සදහන් කරයි. මෙරට වලංගු රියදුරු බලපත්‍රය. මෙරටට වලංගු ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය. ඔහුගේ රටේ රියදුරු බලපත්‍රය. (මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ලබා ගත් පරිවර්ථන සහතිකය)ඉහත සඳහන් බලපත්‍ර වලංගුව තිබිය යුතු අතර ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ත්‍රීරෝද රථ පැදවීම සඳහා වලංගු පංතියක් ඇතුලත් කරනු නොලබයි.එසේම මෙරටදී සිදුකරන රියදුරු බලපත්‍ර පරිවර්ථනයේදීද ත්‍රීරෝද රථ සඳහා වලංගු බලපත්‍ර නිකුත් කරනු නොලබයි.ශ්‍රී ලංකාවේ ත්‍රීරෝද පැදවීම සඳහා වලංගු රියදුරු බලපත්‍ර පහත පරිදි වේ.පැරණි රියදුරු බලපත්‍රය –# A කාණ්ඩය – බර වාහන සඳහා නිකුත් කරනු ලබයි. මෙමගින් ත්‍රීරෝද රථ පැදවීමට වලංගුයි.# E කාණ්ඩය – මෝටර් ට්‍රයිසිකල් සඳහා වේ.නව රියදුරු බලපත්‍රය –# B1 මෝටර් ට්රයිසිකල්නව රියදුරු බලපත්‍රයේ ද්විත්ව කාර්ය වාහන සඳහා නිකුත් කරන B කාණ්ඩයේ රියදුරු බලපත්‍රයක් ට්‍රයිසිකලයක් (ත්‍රීරෝද රථ) පැදවීමට වලංගු නොවන අතර ත්‍රීරෝද රථ සඳහා ධාවන පරීක්ෂණය ට ඉදිරිපත් වී ඉන් සමත්ව B1 කාණ්ඩය ලබා ගත යුතු වේ.C, C1, CE, D, D1 ඛාණ්ඩ ත්‍රීරෝද රථ පැදවීමට වලංගුය.එසේම මෙරට දී යමෙකුට මෝටර් වාහනයක් පැදවීම පුහුණු කරවන්නේ නම් ඒ සඳහා ලිඛිත පරීක්ෂණයකට ඉදිරිපත් වී එය සමත් වීමෙන් පසුව පුහුණු අවසර පත්‍රයක් ලබා තිබිය යුතුය. මින් ඉදිරියට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා කිසිදු නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ත්‍රීරෝද රථ පැදවීමට ලබාදී තිබුනහොත් රිය අනතුරු වලක්වා ගැනීම හා පාලනය කිරීම සඳහා ගනු ලබන පියවරක් ලෙස එසේ යම් විදේශිකයෙකු ත්‍රීරෝද රථ පදවන අවස්ථාවක දී, එම රථයේ අයිතිකරු කැඳවා ප්‍රකාශ සටහන් කොට ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමට පොලිසිය කටයුතු සිදු කරන බවත් පොලිස් මාධ්‍ය අංශය සදහන් කරයි.බලපත්‍ර නොමැති අයෙකුට මෝටර් වාහනයක් පැදවීමට ඉඩ දීම මෝටර් වාහන පනතේ 123 (1) ආ අනුව රු 25,000 ක දඩයකට යටත්වන වරදක් වේ. (රථයේ හිමිකරු හට)එබැවින් සංචාරක ක්‍ෂේත්‍රයේ කුලී වාහන ලබා දෙන ආයතන නියෝජනය කරන ඔබ, හෝටල් හිමිකරුවන් වන ඔබ, විදේශිකයන් සඳහා වාහන ලබා දීමේදී, විශේෂයෙන් ත්‍රීරෝද රථ ලබා දීමේදී මෙරට වාහන පැදවීම සඳහා නිසි වලංගු රියදුරු බලපත්‍රයක් සන්තකයේ තිබේද යන්න නිවැරදිව පරීක්ෂා කර බලා වාහන ලබා දීමට කටයුතු කරන ලෙසත් පොලීසිය ජනතාවට දැනුවත් කර සිටී. Post navigation කොළඹ මුද්දර දැක්ම 2025 ඇරඹේ. අපිලගේ සාදුට මරනීය තර්ජන